මොරටුව වෙඩි තැබීම මෙහෙය වූ අංජුගේ ලක්ෂ 4900 ක් හුවමාරු වූ ගිණුමක් ගැන තොරතුරු හෙළි වේ
Thursday, 11 June 2020 - 20:03 | Views - 239
මොරටුව - සොයිසාපුර ආපනශාලාවට වෙඩි තැබීමේ සිද්ධිය මෙහෙය වූ කුඩු අංජු නැමැත්තා මත්කුඩු ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 4,900 ක් හුවමාරු වූ ගිණුමක් සම්බන්ධයෙන් තොරතුරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අනාවරණ කරගෙන තිබෙනවා.

ඒ, මැයි මස 22 වැනිදා එම කොට්ඨාශයේ ස්ථානාධිපති ජයන්ත පෙරේරා ඇතුළු නිලධාරීන් පිරිසක් රත්මලාන - ජයසුමනාරාම මාවත ප්‍රදේශයේදී මත්කුඩු තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදීයි.

ගිණුම් අංකයක් ලබාදී එම පුද්ගලයා පොලිසියට සඳහන් කර ඇත්තේ කුඩු අංජුගේ මත්කුඩු ජාවාරම ඩුබායි හි සිට මෙහෙය වන ධර්මසිරි පෙරේරා නැමැත්තා ලබාදෙන මත්කුඩු අලෙවි කර උපයා ගන්නා මුදල් මෙම ගිණුමේ තැන්පත් කරන බවයි.

ඒ අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව බෝකුන්දර පෞද්ගලික බැංකුවක පවත්වාගෙන යන මෙම ගිණුම පොලිසිය පරීක්ෂා කර තිබෙනවා.

එහිදී හෙලි වී ඇත්තේ 2018 වසරේ දෙසැම්බර් මස සිට පසුගිය ජූනි 01 වැනිදා දක්වා මෙම ගිණුමෙන් රුපියල් ලක්ෂ 4900 ක මුදලක් හුවමාරු වී ඇති බවයි.

කෙසේ වෙතත්, මත්කුඩු සමඟ පුද්ගලයෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමත් සමඟ එම ගිණුම වසා දමා ඇත්තේ අවසන් වරට එහි ඉතිරිව තිබූ රුපියල් හත් ලක්ෂයකට ආසන්න මුදලද ලබාගනිමින්.

මෙම ගිණුමේ හිමිකරු සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ වී ඇති අතර, එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ අතර, අදාළ වෙඩි තැබීමේ සිද්ධියට යොදාගත් බවට සැක කෙරෙන ටී-56 වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ 35 ක් ඇතුළත් මැගසින් දෙකක් පිලියන්දල - සුවාරපොල ප්‍රදේශයේ නිවසක් පිටුපස කැලයේ සඟවා තිබියදී පොලිසිය අද සොයාගනු ලැබුවා.

ඒ, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් මාලඹේ ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරුවලට අනුවයි.

උඩගේ ආරච්චිගේ ප්‍රියන්ත නැමැති මොහු ධර්මසිරි පෙරේරා මෙහෙයවන කුඩු ජාවාරමෙන් උපයා ගන්නා මුදල් එකතු කරන්නෙකු බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණා.

ඔහු පොලිසියට පාපොච්චාරණය කර ඇත්තේ වෙඩි තැබීමේ සිද්ධියෙන් අනතුරුව ධර්මසිරි නැමැත්තා රත්මලාන ප්‍රදේශයට ගොස් පුද්ගලයෙකු හමුවන ලෙස තමන්ට දැනුම් දුන් බවයි.

එහිදී අදාළ පුද්ගලයා විසින් මෙම ගිනි අවිය සහ උණ්ඩ ඇතුළත් මැගසින් බහා තිබූ උරය ඔහුට ලබාදී තිබෙනවා.

පසුව එය තමන් රැඳී සිටින පිලියන්දල - සුවාරිපොල නවාතැන්පොල පිටුපස කැලයේ සැඟවූ බවයි ඔහු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

මෙම පුද්ගලයා වෙඩි තැබීමට පෙර අදාළ ආපනශාලාවට පහරදීම සඳහා පිරිස ගමන්ගත් වෑන් රථයේ රියදුරා ලෙසද කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

පසුගිය මස 29 වැනිදා අලූයම මෝටර් රථයකින් පැමිණි පිරිසක් අදාළ ආපනශාලාවට මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණේ, එහි හිමිකරු විසින් ධර්මසිරි පෙරේරා නැමැත්තාට කප්පම් මුදල් නොගෙවීමේ සිද්ධියක් මුල්කරගනිමින්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top