ජාතික රෝහලේ මුදල් කොල්ල කෑ වෛද්‍යවරයා රිමාන්ඩ්
Thursday, 11 June 2020 - 15:05 | Views - 824
සෙල්ලම් පිස්තෝලයක් යොදාගනිමින් කොළඹ ජාතික රෝහලේ ගිණුම් අංශයේ තිබූ රුපියල් ලක්ෂ 79 කට අධික මුදලක් පැහැරගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා මේ මස 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකරු ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලබා දුන්නා.
Share This Article