සුරූපී පෙම්වතියගේ අනියම් පෙම නිසා මරු වැළඳගත්, නිමංක ගැන බුකියේ පළ වූ සංවේදී සටහන් - Photos
Thursday, 11 June 2020 - 14:57 | Views - 1,310
කඳාන, රිලවුල්ල ප්‍රදේශයේදී ඉකුත්දා (8 වැනිදා) රාත්‍රීයේ මන්නා පිහියකින් ගෙල කපා තරුණයකු මරණයට පත් තිබුණා.
 
එසේ ඝාතනය කළ 19 හැවිරිදි තරුණයෙකු හා ඔහු ඒ සඳහා ආධාර අනුබල දුන් තරුණයෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
තමන් විවාහ වීමට බලාපොරොත්තුව සිටින පෙම්වතියගේ නිවෙසේ සිට ආපසු යමින් සිටියදී මෙසේ මඟ රැක සිටි දෙදෙනකු විසින් මන්නා පිහියකින් පහරදී අදාළ තරුණයා ඝාතනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙහිදී මරණයට පත්ව ඇත්තේ කොළඹ තැපැල් හුවමාරු මධ්‍යස්ථානයේ නඩත්තු හා උපකරණ අංශයේ සේවය කළ කැලණිය දිප්පිටිගොඩ අංක 220-බී නිවෙසේ පදිංචි ජී.ඒ.ඩී. නිමංක මධුශංක අබේරත්න නම් 28 හැවිරිදි තරුණයෙක්...
 
පොලිසිය පවසන පරිදි මියගිය තරුණයා කඳාන බටගම ප්‍රදේශයේ පදිංචි අදාළ තරුණිය සමඟ මීට වසර 07කට පමණ ඉහතදී පෙම් සම්බන්ධතාවක් ඇතිකරගෙන ඒ අනුව මේ වසරේ දෙසැම්බර් මාසයේදී විවාහ වීමටයි සුදානම්ව ඇත්තේ..
 
ඒ සඳහා දෙපාර්ශ්වයේම එකඟතාව තිබී ඇත. පොලිසිය පවසන පරිදි ඒ අතරතුර තරුණිය 21 හැවිරිදි තවත් තරුණයකු සමඟ සම්බන්ධතා පවත්වා ඇති බව සඳහන්.
 
සිද්ධිය වූ දින මියගිය තරුණයා තරුණිය නිවෙසට ඇරලා ආපසු යන අතරතුර 21 හැවිරිදි තරුණයා තවත් ඔහුගේ 19 හැවිරිදි මිතුරකු සමඟ මඟ රැක සිට අදාළ තරුණයා හා ගැටුමක් ඇති කරගෙන තිබෙනවා.
 
පසුව ඔවුන් විසින් රැගෙන පැමිණ තිබූ මන්නා පිහියකින් අදාළ තරුණයාගේ ගෙල ප්‍රදේශයට පහරදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
 
පොලිසිය පවසන්නේ මෙම පහරදීම 19 හැවිරිදි තරුණයා විසින් සිදු කර තිබෙන බවයි.
 
පසුව මියගිය තරුණයා බිම වැටී දඟලමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් පොලිස් හදිසි ඇමැතුම් අංශයට දැනුම්දීම අනුව පොලිසිය පැමිණ සුවසැරිය ගිලන් රථයකින් රෝහල් ගත කිරීමට රැගෙන යමින් සිටියදී අදාළ තරුණයා මියගොස් තිබෙනවා.
 
මේ අතර... මෙම තරුණයාගේ මරණය පිළිබඳව මුහුණු පොතේ විවිධ අන්දමේ කතා පැතිර යන අතර තරුණයාට සමීප පිරිස් සංවේදී සටහන් තබා ඇති අයුරු දකින්නට ලැබුණා.
 
මේ එවන් සටහන් කිහිපයක්....
 
ප්‍රවේශමෙන් ක්‍රියා කරන්න. සමාජයේ මෙවන් දේවල් සිදුවෙමින් පවතී. කෙල්ලෙකුයි කොල්ලෙකුයි යාලුවෙලා ඉන්නව, (ආදර කල කාලය අවුරුදු 8ක් ). කොල්ල කෙල්ලට සලෝන් එකකුත් කොහොම හරි දාල දෙනව, කෙල්ල ජිම් යනවා, ජිම් එකේදි පොඩි කොල්ලෙක් යාලු කර ගන්නව, කලින් කොල්ලව මරනව, බඳින්න ඉදලා තිබෙන්නේ ලබන මාසේ. ස්තූතී,
 
Me medar ekak ayya 7/06/2020 hawasa 6.30ta විතර උනේ. කදානෙ බටගම කෙල්ලක් බදින්න හිටියා කැලනියේ කොල්ලෙක් එ කොල්ල මෙ කෙල්ලට ගොඩක් උදවු කරල තියනවා එ කෙල්ලට සැලෝන් එකකුත් දාලා දීලා... රාගම.. ඒ තරම් කෙල්ලට උදවු කරල. ලබන මාසෙ බඳින්න ඉදල තියෙන්නෙ. ඒ එක්කම මේ කෙල්ලට වයස 27යි.. මේ කෙල්ල ජිම් ගිහින්. ඒ ජිම් එකේ කොල්ලෙක් මෙ කෙල්ලත් එක්ක යාලු වෙනව එ කොල්ලාගෙ වයස 20යි. දැන් මෙ කෙල්ල අර පොඩි කොල්ලත් එක්ක රවුන් ගහන්නෙ. ඊට පස්සෙ අර බදින්න හිටපු කොල්ලා මේ කෙල්ලව සැලොන් ඉවර උනාට පස්සෙ කෙල්ලව අරලන්න එනව. ඇරලලා යද්දි මෙ කෙල්ල අර ජිම් එකෙ සෙට් උන කොල්ලා එක්ක එකතුවෙලා අර බදින්න හිටිය කොල්ලව බෙල්ල කපල මරනව. මරන්න එන්නෙ ජිම් එකෙ සෙට් උන කොල්ලයි එ කොල්ලගෙ යාලුවෙකුයි ස්කුටියක ඒ යාළුවගෙ වයස 19යි. දෙන්න ඇවිත් අර කැලණියෙ කොල්ලගෙ බෙල්ල කපල යනවා. කඳානෙ ස්ථානාධිපති මුණසිංහ සර්ගෙ මෙහෙමයවීමෙන් අපරාධ අංශේ රුමේස් සර් එක්ක ඒ නිලධාරින් දැඩි කැපවීමෙන් දවස් දෙකක් ඇතුලත මිනි මරුවො දෙන්නාව අල්ලනව ආපු ස්කුටිය කපපු මන්නෙ සරමත් හොයාගන්නවා. මේ කතාව සමස්ත සමාජ‍ෙටම හොඳ ආදර්ශයක්..
මස්සිනා ඔබට නිවන් සූව...!!!
 
==========================
 
කෙල්ලෙක්ට ආදරය කරන්නේ මරනයක් බලාපොරොත්තු ව නෙමෙයි... උබේ ආදරය උබේ මාරයා වෙයි කියලා උබ කවදාවත් හිතන්න නැතිව ඇති මල්ලි..
 
අවුරුදු 8ක් ආදරය කරපු කෙනා සහාසික විදියට උබව මරලා දාන්න ප්ලැන් කරන්න තියා හිතන්න වත් ඇති කියලා උබ හිනෙන් වත් හිතන්න නැතිව ඇති මල්ලි....
 
මේ කරපු අපරාධය පොළොව උහුලන අපරාදයක් නෙමෙයි....උබට නිවන් සුව මල්ලි...
නිහතමානි, අවන්ක,උබට කව්රුත් ආදරෙයි ...
 
ඒ හිත් අද උඹ වෙනුවෙන් හඩා වැටෙන්නේ කියා ගන්න බැරි දුකකින්...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top