ඉදිරි දින කිහිපයේදී නිරිත දිගට වැසි
Thursday, 11 June 2020 - 14:37 | Views - 486
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බැවින් ඉදිරි දින කිහිපයේදී නිරිතදිග කොටසට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම, මන්නාරම සිට කන්කසන්තුරය හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ රළුවිය හැකි බැවින් එම ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ.
Share This Article