දිගම ඡන්ද පත්‍රිකාව ගම්පහට සහ යාපනයට
Thursday, 11 June 2020 - 14:19 | Views - 353
මෙවර මහමැතිවරණයේ දිගම ඡන්ද පත්‍රිකාව අඟල් 23 ක් වන අතර පළලම ඡන්ද පත්‍රිකාව අඟල් 9 ක් වන බව වාර්තා වනවා.
දිගම ඡන්ද පත්‍රිකාව මුද්‍රණය වන්නේ ගම්පහ සහ යාපනය දිස්ත්‍රික්ක වෙනුවෙන්.
පළලම ඡන්ද පත්‍රිකාව මුද්‍රණය වන්නේ කොළඹ, වන්නි, දිගාමඩුල්ල සහ මඩකලපුව දිස්ත්‍රික්ක වෙනුවෙන්.
අනෙකුත් ඡන්ද බල ප්‍රදේශය සඳහා මුද්‍රණය වන ඡන්ද පත්‍රිකාවල පළල, අගල් 5 ක් වන අතර, දිග ප්‍රමාණයන් මනාප අංක සහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින පක්ෂ සංඛ්‍යාවට අනුව වෙනස් වන බවයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Share This Article