යතුරුපැදි අනතුරකින් 29 හැවිරිදි තරුණයෙක් ජිවිතක්ෂයට -[Video]
Thursday, 11 June 2020 - 11:23 | Views - 1,531
කොටගල සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් අනතුරට පත්විමෙන් එම යතුරුපැදිකරු ජිවිතක්ෂයට පත් වි ඇති බව දිඹුල පොලිසිය පවසනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ කොටගල සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදිකරු එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් ඉස්සර කර යාමට උත්සහ කිරිමේදි යතුරුපැදිය ලිස්සාගොස් යතුරුපැදිකරුගේ හිස ප්‍රධාන මාර්ගය අසල පිහිටි සැතපුම් කණුවක ගැටීමෙන්.
ප්‍රදේශවාසින් විසින් යතුරුපැදිකරු කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කරන අවස්ථාවේදීත් ඔහු මිය ගොස් සිටි බවයි දිඹුල පොලිසිය පවසන්නේ.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් විල්ප්‍රඩ්පුර පදිංචි මනොහරන් ගනේෂ් නැමති 29 හැවිරිදි තරුණයෙක්.
මිය ගිය තරුණයාගේ පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.
Share This Article