සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කළ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඥාති දියණියක් අවමංගල්‍ය සභාවේ ආවේගශීලිව කියූ දේ
ප්රජාතන්ත්රවාදය සහ මානව හිමිකම් සුරැකීමේ ප්‍රතිමූර්තිය ලෙසින් පෙනී සිටින අමෙරිකාවේ මිනෙසෝටාහිදී සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකුගේ හුස්ම සොරාගනු ලැබුවේ පසුගිය 25 වැනිදායි.
ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයා මියයාමත් සමග වර්ගවාදයට එරෙහිව සහ ජෝර්ජ් ෆ්ලොයිඩ්හට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා කොවිඩ් අවදානමද නොතකා අමෙරිකාවේ මෙන්ම ඉන් පිටත රටවලත් විරෝධතා රැල්ලක් නිර්මාණය වුණා.
මේ අතර, ඝාතනය කෙරුණු ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ සිදුකෙරුණේ හූස්ටන්හීදි.
ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ දේහය ඔහුගේ මවගේ දේහය තැන්පත් කර ඇති ස්ථානයේම මිහිදන් කළ අතර, එම ස්ථානයට සුදු අශ්වයන් බැඳි කරත්තයකින් දේහය රැගෙන ගිය ආකාරය දක්නට ලැබුණා.
අමෙරිකාවේ හිටපු උප ජනාධිපතිවරයෙකු මෙන්ම මෙවර ජනාධිපතිවරණ සටනේ ජනපති ට්‍රම්ප්ගේ ප්‍රබලම ප්‍රතිවාදියා වන ජෝ බයිඩ්න් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අවමංගල්‍ය සභාව අමතමින් අමතමින් වර්ගවාදයට එරෙහිව තම අදහස් පළ කළා.
ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඥාති දියණියක්ද වර්ගවාදයට එරෙහිව එහිදී අවමංගල්‍ය සභාව ඇමතුවේ ආවේගශීලිවයි.
"මෙම නීති වෙනස් විය යුතුයි. තවදුරටත් වෛරී අපරාධ නොතිබිය යුතුයි. එක් පුද්ගලයෙක් පැවසුවා අමෙරිකාව නැවතත් විශිෂ්ඨත්වයට රැගෙන එනවා කියලා. හැබැයි අමෙරිකාව කවදාද විශිෂ්ඨත්වයට ළඟා වුණේ".

