සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කළ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඥාති දියණියක් අවමංගල්‍ය සභාවේ ආවේගශීලිව කියූ දේ
Thursday, 11 June 2020 - 8:56 | Views - 2,176


ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සුරැකීමේ ප්‍රතිමූර්තිය ලෙසින් පෙනී සිටින අමෙරිකාවේ මිනෙසෝටාහිදී සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකුගේ හුස්ම සොරාගනු ලැබුවේ පසුගිය 25 වැනිදායි.

ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයා මියයාමත් සමග වර්ගවාදයට එරෙහිව සහ ජෝර්ජ් ෆ්ලොයිඩ්හට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා කොවිඩ් අවදානමද නොතකා අමෙරිකාවේ මෙන්ම ඉන් පිටත රටවලත් විරෝධතා රැල්ලක් නිර්මාණය වුණා.

මේ අතර, ඝාතනය කෙරුණු ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ සිදුකෙරුණේ හූස්ටන්හීදි.
 

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ දේහය ඔහුගේ මවගේ දේහය තැන්පත් කර ඇති ස්ථානයේම මිහිදන් කළ අතර, එම ස්ථානයට සුදු අශ්වයන් බැඳි කරත්තයකින් දේහය රැගෙන ගිය ආකාරය දක්නට ලැබුණා.

අමෙරිකාවේ හිටපු උප ජනාධිපතිවරයෙකු මෙන්ම මෙවර ජනාධිපතිවරණ සටනේ ජනපති ට්‍රම්ප්ගේ ප්‍රබලම ප්‍රතිවාදියා වන ජෝ බයිඩ්න් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අවමංගල්‍ය සභාව අමතමින් අමතමින් වර්ගවාදයට එරෙහිව තම අදහස් පළ කළා.

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඥාති දියණියක්ද වර්ගවාදයට එරෙහිව එහිදී අවමංගල්‍ය සභාව ඇමතුවේ ආවේගශීලිවයි.

"මෙම නීති වෙනස් විය යුතුයි. තවදුරටත් වෛරී අපරාධ නොතිබිය යුතුයි. එක් පුද්ගලයෙක් පැවසුවා අමෙරිකාව නැවතත් විශිෂ්ඨත්වයට රැගෙන එනවා කියලා. හැබැයි අමෙරිකාව කවදාද විශිෂ්ඨත්වයට ළඟා වුණේ".



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top