ආගමික ස්ථානවල සහ උපකාරක පන්තිවල කටයුතු යළි ඇරඹෙන දිනය මෙන්න
Wednesday, 10 June 2020 - 16:21 | Views - 652
උපරිමය 50 දෙනෙකුට යටත්ව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ජුනි මස 12 වන සිකුරාදා සිට ආගමික සිද්ධස්ථානයන්හි කටයුතු ඇරඹීමට අවසර හිමිවන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.
ආගමික ස්ථානයන්හි කටයුතු නැවත ඇරඹීම සහ උපකාරක පන්ති නැවත ආරම්බ කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.
මේ අතර උපකාරක පන්ති උපරිම සිසුන් 100 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ජුනි මස 15 වන සඳුදා සිට ආරම්බ කිරීමට අවසර හිමිවනවා.
Share This Article