පාස්කුදා ජීවිත ගණනක් බිලි ගනිමින්, ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බයක් පුපුරුවා ගත් ඊබ්‍රාහිම්ගේ ආන්දෝලනාත්මක හඬ පට දෙකක් එළියට
Wednesday, 10 June 2020 - 15:25 | Views - 980
ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බයක් පුපුරුවා ගත් ඊබ්‍රාහිම් ඉල්හාම් නමැත්තා ප්‍රහාරයට පෙර දින රාත්‍රියේ දෙමටගොඩ මහවිල නිවසට පැමිණ තම දෙමව්පියන්ට ලබාදීම සඳහා හඩපට දෙකක් පටිගත කර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනපති විමර්ශන කොමිසමේදී අනාවරණය වුණා.

එමෙන්ම ඊබ්‍රහයිම් ඉල්හාම්ගේ බිරිද වන ෆාතිමා ජිෆ්රිගේ බැංකු ගිණුමක තිබූ මුදල් අස්ථාන ගතවීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
 
කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා ඊයේ පැමිණියේ ප්‍රහාරය එල්ල වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ උප පොලිස් පරීක්ෂක දුනේෂ් මලිත අයගමගේයි.
 
පාස්කු ඉරිදා දෙමටගොඩ මහවිල උද්‍යානය නිවසේදී බෝම්බයක් පුපුරවාගත් ෆාතිමා ජිෆ්රිට අයත් බැංකු ගිණුමකට 2014/9/9 දින ඇ. ඩො. 5435ක මුදලක් තැන්පතු ලෙස තිබූ බවත් කෙසේවෙතත් ප්‍රහාරයෙන් පසු අදාල ගිණුම පරීක්ෂා කිරීමෙදී එහි ශේෂය ඇ. ඩො. 293.64 ක් දක්වා අඩු වී ඇති බවත් සාක්ෂිකරු සදහන් කළා.
 
සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේ ගිණුමෙන් ඉවත් වූ මුදල සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වාර්තාවක් සොයා ගැනීමට නොහැකි වූ බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.
 
ප්‍රහාරයට පෙර දින රාත්‍රියේ ඊබ්‍රහයිම් ඉල්හාම් දෙමටගොඩ නිවසට පැමිණ හඩපට දෙකක් පටිගත කර ඇති බවද ඔහු කොමිසමට අනාවරණ කළා.
 
ඉන් එකක් එදින රාත්‍රී 11.48ත් අනෙක් හඩපටය 21 වනදා අලුයම 12.03ටත් පටිගත කර තිබෙනවා.
 
එය දමිළ භාෂාවෙන් පටිගත කර ඇති අතර එහි සිංහල පරිවර්තනයක් සාක්ෂිකරු විසින් කොමිසම ඉදිරිපත් කළා.
 
උපුටා ගැනීම
 
“මාගේ අම්මාටයි, තාත්තාටයි සහෝදර සහෝදරියන්ටයි ලබාදෙන පණිවිඩයයි. මං කෙටියෙන් කියන්නේ. අම්මා කරන වැරදි ක්‍රියාවලට දෙවියන්ගෙන් සමාව ගත යුතුයි. ඒ වගේ එයා පියාගේ ආගම ඇඳහීම් ක්‍රියාවලීන් සමඟ අන්‍යාගමිකයන් සමඟ සම්බන්ධතා පැවැත්වීම, හාමුදුරුවන්ට ආධාර ලබාදීමේ කටයුතුවලින් මිදෙන්නට බැරිව ගියාට ඒවා සිරක් කුෆූර් කටයුත්තක්. මෙම පටිගත කිරීම ඔබලා අහන විට මම දෙවියන් ළඟට ගිහින් ඉදියි. දෙවියන් පිළිගන්නට ඕනේ මෙය සියදිවි නසා ගැනීමක් නොවෙයි, තමා විසින් කරන දානයක් කියලා. නිකම් මැරෙනවා නම් මගේ ගෙදරදීම බෙල්ල කපා ගන්න පුළුවන්. නැත්නම් කොහේ හරි ගිහින් පනින්න පුළුවන්. මම මෙහෙම අන්‍යාගම්වල අයව මරාගෙන මැරෙන්න දෙවියන් ගාවට යන්න ඕනේ නිසයි. දෙවියෝ ආදරයට තමයි මට මේ මාර්ගය පෙන්නුවේ. මා සතුව තිබෙන ගොඩක් පව් අයින් කර ගන්න පුළුවන් මරණයට පත්වීම හේතුවෙන්. සරීයා මේ රටට එන්න ඕනේ. දෙවියෝ කුරාණය කියන්නේ ප්‍රශ්න ඔක්කොම සම්පූර්ණව ඉවත්වීමට ආගම සම්බන්ධයෙන් පිළි පදින කල් යුද්ධ කරන්න කියලා. කුරාණය අනිවාර්යයෙන් කියවන්න. හදීස් කියවන්න. නබිතුමා යම්දෙයක් සම්බන්ධයෙන් ක්‍රියා කර ඇති ආකාරයෙන්ම ක්‍රියා කරන්න. එවැනි දේවල මහජනතාවගේ අදහස් ගැළපෙන්නේ නැතුව ගියත්, ඒක කරන්න. නබිතුමා අපට වඩා හොඳ උගතෙක්. දෙවියෙක්..."
 
"දෙවියෝ කියපු එක තමයි නබිතුමා කිව්වේ. ඉස්ලාම් රාජ්‍යයක අන්‍යාගමික අයවලු‍න් සමඟ කොයි විදිහට ද කටයුතු කරන්න ඕනා, ඉස්ලාම් නොවන රාජ්‍යයක කොයි විදිහට ද කටයුතු කරන්න ඕන කියන එක හැමෝම දැන ගන්න ඕනා. ඊළඟ එක මමයි ඉන්ෂාෆුයි අති උසස් ක්‍රියාදාමයකට යනවා. අපි මරණයට පත් වෙනවා. ඒ හේතුවෙන් මෙම පවුලට ගොඩක් කරදර විය හැකියි. මේවා ඔක්කොම දෙවියන්ගේ නියමයන්. ඒ නිසා අනිවාර්යයෙන් දරා ගෙන පවුලේ අයට උදව් කරන්න. ස්තූතියි.."
 
එම හඬපට ෆාතිමා ජිෆ්රි විසින් බෝම්බ ප්‍රහාර එල්ල වීමෙන් පසු පෙන් ඩ්‍රයිව් එකක දමා ඊබ්‍රහයිම් ඉල්හාම්ගේ සහෝදරිය වන ඉබාදා ඊබ්‍රහයිම්ට ලබාදී, සිය දෙමව්පියන් හමුවේ ඒවා වාදනය කරන ලෙස දන්වා ඇති අතර එම හඬපට ඉබාදා ඊබ්‍රහයිම් විසින් ඊබ්‍රහයිම් පවුලේ බාල සහෝදරයා වන මොහොමඞ් ස්මයිල් වෙත ලබාදී ඇති බව සාක්ෂිකරු සඳහන් කළා.
 
ඒ අනුව එම හඬපට දෙමටගොඩ නිවසේ පිරිස පාස්කු ඉරුදින පෙරවරුවේ ශ්‍රවණය කරමින් සිටියදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් එම නිවස පරීක්ෂා කිරීම සඳහා පැමිණ ඇති අතර ෆාතිමා ජිෆ්රි කුරාණය කියවමින් සිට ඇති බවයි සාක්ෂිකරු සඳහන් කළේ.
 
එම අවස්ථාවේ දී ඇය විසින් බෝම්බය පුපුරුවා ගෙන තිබෙනවා. කොමිසම එහිදී විමසුවේ එම නිවසේ තිබී කිසියම් දෙයක් සොයාගත්තේද යන්නයි. එහි තිබී පොත් 283ක්, බාහිර දත්ත ගබඩා 9ක්, පෙන් ඩ්‍රයිව් දෙකක් සහ සී. සී. ටි. වී. පටිගත කිරීමේ යන්ත්‍රයක් සොයාගත් බව සාක්ෂිකරු සඳහන් කළා. අදාළ පොත් තුළ අන්තර්ගතව ඇත්තේ අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් බව ද මේ වනවිට අනාවරණ වී තිබෙනවා.
 
ඔහු සඳහන් කළේ එම එක් ප්‍රෙන් ඩ්‍රයිව් එකක තිබී ඊබ්‍රහයිම් ඉල්හාම් විසින් පටිගත කෙරුණු හඬපට සොයාගත් බවයි. පාස්කු ප්‍රහාරයට පෙර එනම් 2019/4/20 දින රාත්‍රියේ ඊබ්‍රහයිම් ඉල්හාම්ගේ සහෝදරයකු වන ඉජාස් අහමඞ් විසින් නීතිඥවරයකු මාර්ගයෙන් ඉල්හාම්ට අයත් සියලු‍ බලතල ඊබ්‍රාහයිම් ඉල්හාම් පවුලේ බාල සහෝදරයා වන මොහොමඞ් ස්මයිල් වෙත පවරා දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙන බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
 
සාක්ෂි ලබාදෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරියා කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළේ ඊබ්‍රහිම් ඉල්හාම්ගේ නීතිඥවරයා අයිතිය පැවරීමේ කෙටුම්පතක් සකස් කර 20 වනදා රාත්‍රියේ ඔහුගේ නිවසට යොමු කෙරුණ ද ඊට බලය පැවරීමට අදාළ අත්සන් ඇතුළත් කර නොතිබූ බවයි.
 
කෙසේවෙතත් මේ වනවිට මොහොමඞ් ස්මයිල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටින අතර පවුලේ පිරිස පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර සිට දැනුවත්ද යන්න පිළිබඳ තවදුරටත් විමර්ශනය කෙරෙන බව සාක්ෂිකරු කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top