කොරෝනාවලට මුවාවී, සිය ලෙයින් උපන් දියණිවරුන් මත් කර පාපතර පියෙකු කළ දේ
Wednesday, 10 June 2020 - 13:01 | Views - 511
තම දූවරුන් තිදෙනා යෝනි සුන්නතට ලක් කළ බවට චෝදනා ලත් පියෙකුට එරෙහිව ඊජිප්තු බලධාරීහු නඩු පැවරූහ.
 
ඊජිප්තු නීතිපතිවරයා කියා සිටියේ කොරෝනාවෛරසයට එරෙහිව එන්නතක් ලබා දෙන බව පවසා මෙම පුද්ගලයා තම දූවරුන් රවටා ඇති බවය.

ඉන් අනතුරුව වෛද්‍යවරයෙකු නිවසට කැඳවා ඇති අතර දියණියන් තිදෙනාට මත්ද්‍රව්‍යයක් ලබා දීමෙන් පසු යෝනි සුන්නත සිදුකර තිබේ.
 
එම වෛද්‍යවරයාට ද එරෙහිව නඩු පවරා ඇති අතර යෝනි සුන්නතට ලක්වූ දියණියන් තිදෙනා ම වයස අවුරුදු 18 ට අඩු ගැහැණු ළමුන් බව වාර්තා විය.
 
පියාගෙන් වෙන් වී සිටින මවට මේ පිළිබඳව දැන ගැනීමට ලැබී ඇති අතර ඇය විසින් බලධාරීන් දැනුවත් කරනු ලැබ තිබේ.
 
නීතිපතිවරයා නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ, මෙම ගැහැණු ළමුන් තිදෙනාට සිහිය ලැබෙන විට තම දෙපා ගැට ගසා තිබුණු බවත් තම ලිංග ප්‍රදේශයේ වේදනාවක් දැනී ඇති බවත් ඔවුන් ප්‍රකාශ කළ බවය.
 
2008 වසරේ පටන් යෝනි සුන්නත ඊජිප්තුව තුළ නීතියෙන් තහනම් කර ඇති නමුත් එය තවමත් සමාජය තුළ ක්‍රියාත්මක වෙමින් පවතී.
 
2016 දී එය අපරාධයක් ලෙස සැලකීමට අවශ්‍ය නීති සම්පාදනය වූ අතර යෝනි සුන්නත සිදුකරන වෛද්‍යවරයෙකුට වසර හතක් දක්වා වූ සිර දඬුවම් පැමිණ විය හැක. ඒ සඳහා ඉල්ලීම් කරන තැනැත්තාට වසර තුනක සිර දඬුවමක් ලැබෙනු ඇත.
 
නමුත් ඊජිප්තුවේ සම්මත වූ එම නීතිය යටතේ තවමත් කිසිවෙකුට සාර්ථකව දඬුවම් පැමිණවීමට හැකියාවක් ලැබී නැත. කාන්තා අයිතිවාසිකම් සඳහා පෙනී සිටින කණ්ඩායම් පවසන්නේ විනිසුරුවන් සහ පොලිසිය මෙම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා උනන්දු නොවන බවය.
 
"විනිසුරුවන් සහ පොලිසිය වැනි අධිකාරින් පවා යෝනි සුන්නත පිළිබඳව ඉතා ලිහිල් බවක් දැක්වීම ඉතා දරුණු තත්ත්වයක්," කයිරෝ නුවර පිහිටි, කාන්තාවන් සඳහා වන නීති උපදේශන හා මගපෙන්වීමේ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ රේඩා එල්-ඩැන්බෞකි, AFP පුවත් සේවයට පැවසීය.
 
පසුගිය ජනවාරියේදී ද මෙවැනි සිදුවීමක් ඊජිප්තුවෙන් වාර්තා විය. දාහතර හැවිරිදි නේඩා අබ්දෙල් බලහත්කාරයෙන් යෝනි සුන්නතට ලක් කිරීමෙන් පසුව අධික ලේ වහනයෙන් මරණයට පත්වූවාය.
 
එම සිදුවීම පිළිබඳව ඉන්ටර්නෙට් ඔස්සේ මහජන කෝපය විශාල වශයෙන් මතු විය. එම යෝනි සුන්නත සිදු කළ වෛද්‍යවරයා සහ දැරියගේ දෙමාපියන් අපරාධ අධිකරණයට යොමු කළ නමුත් එම නඩු විභාගය දිගටම පැවැත්වේ දැයි පැහැදිලි නැත.
 
යෝනි සුන්නත යනු කුමක් ද?
 
ලොව පුරා බොහෝ රටවල යෝනි සුන්නත නීතියෙන් තහනම් කර ඇති නමුත් මෙම ආගමික චාරිත්‍රය ලොව ඇතැම් රටවල තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී.
 
මෙහිදී සිදු කෙරෙන්නේ ස්ත්‍රී ලිංගේන්ද්‍රියේ ඇතැම් බාහිර කොටස්වලට හානි පැමිණවීම හෝ ඒවා ඉවත් කිරීම ය. එවැනි යෝනි සුන්නතකට මුහුණ දුන් කාන්තාවන් මිලියන දෙසීයක් පමණ මේ වන විට ලොව පුරා ජීවත්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර තිබේ.
 
ඊජිප්තුවේ ක්‍රිස්තියානි සහ මුස්ලිම් යන ප්‍රජා දෙක තුළ ම යෝනි සුන්නත ව්‍යාප්තව පවතී. එය සංස්කෘතිකමය චාරිත්‍රයක් ලෙස හුවා දක්වන නමුත් මුලදී එය සිදුකර ඇත්තේ ස්ත්‍රියක සතු ලිංගික ආශාවන් පාලනය කිරීම සඳහාය.
 
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල 2016 දී කළ සමීක්ෂණයක සඳහන් වන්නේ ඊජිප්තුවේ වයස අවුරුදු පහළොවේ සිට 49 දක්වා වූ ගැහැණු ළමුන් හෝ කාන්තාවන්ගෙන් සියයට 87ක් වැනි විශාල පිරිසක් යෝනි සුන්නතට මුහුණ දී ඇති බව ය.
 
එවැන්නකට මුහුණ දීම හේතුවෙන් දීර්ඝ කාලීන ශාරීරික සහ මානසික ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවේ. එමෙන් ම දීර්ඝ කාලීන ආසාදන, මාසික ඔසප් ගැටලු, වඳභාවය සහ ගැබිණි හෝ ළදරු උපත් වැනි සංකීර්ණතා මතු විය හැක.

මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම BBC සිංහල
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top