ෆ්ලොයිඩ්ගේ ඝාතනයට එරෙහි විරෝධතා මැඩලීමට එක්වූ පොලිස් නිලධාරීන්ට කොරෝනා
Wednesday, 10 June 2020 - 11:38 | Views - 666
ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට එරෙහිව වොෂින්ටන් නුවර පැවති විරෝධතා මැඩලීමට එක්වූ පොලිස් නිලධාරීන්ට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇමරිකාවේ කොරෝනා වෛරසය සීඝ්රයෙන් පැතිරෙමින් පවතින වාතාවරණයකයි මෙම විරෝධතා පැවැත්වුණේ.
මේ වනවිට එරට කොරෝනා වෛරස් අසාදිතයන් විසි ලක්ෂ 45, 549 ක් වාර්තාවන අතර, මරණ එක්ලක්ෂ 14,148 ක් වාර්තාවනවා.
ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට එරෙහිව ඇරඹි විරෝධතා රැල්ල මේ වනවිට යුරෝපා රටවලට ද පැතිර ගොස් තිබෙනවා.
Share This Article