කාන්තාවක් ඝාතනය කිරීමට තැත් කළ අයෙක් සියදිවි හානිකරගනී
Wednesday, 10 June 2020 - 10:45 | Views - 829
කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමට තැත් කළ සැකකරුවෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
අදාළ සිද්ධිය ඊයේ දහවල් සිදුව ඇත්තේ යක්කල - බැලුම්මහර ප්රදේශයේදියි.
තියුණු ආයුධයෙන් පහරදීමෙන් තුවාල ලැබූ කාන්තාව ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇය මේ වනවිට බරපතල තත්ත්වයේ පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
ගෙළ වැලලාගෙන සියදිවි හානිකරගත් පුද්ගලයා ගම්පහ ප්රදේශයේ පදිංචි 63 හැවිරිදි අයෙක්.
Share This Article