ලොව පුරා මහත් ආන්දෝලනයට ලක්වුණු ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු සිදු වූ හැටි- [Photos]
ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කරමින් ඝාතනයට ලක්වූ ජෝර්ජ් ෆ්ලොයිඞ්ගේ අවසන් කටයුතු ඇමරිකාවේ හූස්ටන් හිදී ඊයේ සිදු කෙරුණා.
එහිදී අවමංගල්‍ය සභාව ඇමතු බොහෝ පිරිසක් කියා සිටියේ ඇමරිකාව සිය නීති සකස් කර ඇත්තේ කළු ජාතිකයින්ට අවාසි සහගත වන ආකාරයට බවයි.
මේ නිසා එම නීති වෙනස් කිරීමේ කාලය එළඹ ඇති බවද ඔවුන් ප්‍රකාශ කළා.
මෙම අවමංගල්‍ය උත්සවය වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඇමතීමට ඇමරිකාවේ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩ්න් කටයුතු කර තිබෙනවා.
ජෝර්ජ් ෆ්ලොයිඞ්ගේ ඝාතනයට එරෙහිව ඇරඹි විරෝධතා රැල්ල මේ වනවිට යුරෝපා රටවලට ද පැතිර ගොස් තිබෙනවා.
මෙවන් පසුබිමක් තුළ ෆ්ලොයිඞ් ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාර හිටපු පොලිස් නිලධාරී ඩෙරික් ෂාවින් ඊයේ අධිකරණය හමුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පෙනී සිටි අතර, ඔහුට එරෙහිව දෙවන මට්ටමේ පුද්ගල ඝාතන ඇතුලු බරපතල චෝදනා 3 ක් ගොනුකර තිබෙනවා.
අදාළ චෝදනා හමුවේ ඔහුට ඇමරිකානු ඩොලර් මිලියන 1.25 ක ඇපයක් නියම වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.



