මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 1859ක් දක්වා ඉහළට
Wednesday, 10 June 2020 - 8:08 | Views - 544
මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් සංඛ්‍යාව 1859ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.
ඒ, නව ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමඟයි.
ඊයේ (09) දිනයේ හදුනාගත් ආසාදිතයින්ගෙන් එක් අයෙකු කුවේට් සිට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින පුද්ගලයෙකු වන අතර අනෙක් පුද්ගලයා නිරෝධායනයට යොමු කර සිටින නාවික හමුදා සාමාජිකයෙකු බව බව සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ.
මෙරටින් හමුවූ ආසාදිතයන් අතුරින් 791 දෙනෙකු මෙරට රෝහල් 11ක තවමත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 1057ක් සහ මෙරට මරණ 11ක්ද වාර්තා වුණා.
Share This Article