සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට භාවිතා කළ වාහනය සහ එහි රියදුරු අත්අඩංගුවට
Wednesday, 10 June 2020 - 8:03 | Views - 713
මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට පසුගියදා වෙඩි තැබීමේ සිද්ධියට පැමිණි මෝටර් රථය සහ එහි රියදුරු පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් මොහු 50 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි.
පසුගිය මස 19 වනදා සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි මෙම ආපනශාලාවට පැමිණි පිරිසක් එහි බඩු බාහිරාදියට පහරදී තිබූ අතර, පසුව 29 වනදා මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම ආපනශාලාවට වෙඩි තබා පලාගොස් තිබුණා.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ආපනශාලාව ඉදිරිපිට රැදී සිටි පොලිස් නිලධාරින් තුන් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමටද පසුගියදා පියවර ගැනුනා.
Share This Article