හෙළි වූ රටම කතා වූ ගල්කිස්ස වෙරළේ කසළ රහස
Tuesday, 09 June 2020 - 20:28 | Views - 1,706

රටම කතා වූ ගල්කිස්ස වෙරළේ කසළ රහස හෙළිවේ
ගල්කිස්ස වෙරළේ කසළ රහස හෙළිවේ (වීඩියෝ)
ගල්කිස්ස වෙරළ තීරයට කැලි කසළ ගොඩගැසීම සහ එම වෙරළ තීරයේ ක්‍රියාත්මක කළ වැලි පෝෂක ව්‍යාපෘතිය අතර සම්බන්ධයක් පවතින බව සාගර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නලින් රත්නායක ප්‍රකාශ කළා.
පොලිස් පරිසර කොට්ඨාසය කළ ඉල්ලීමකට අනුව ඔහු ඇතුලු එම විශ්වවිද්‍යාලයේ විශේෂඥ කණ්ඩායමක් අද ගල්කිස්ස වෙරළ තීරය නිරීක්ෂණය කිරීමට පැමිණි අතර, ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි උපකුලපතිවරයා මේ බව සඳහන් කළේ.
පසුගියදා මෙම වෙරළ තීරයට ප්ලාස්ටික්, පොලිතින් ඇතුලු අපද්‍රව්‍ය ගොඩගසා තිබූ අතර, ඒවායේ බර ටොන් 15 ත් විස්සත් අතර ප්‍රමාණයක් බව වෙරළ සංරක්ෂණ අධිකාරිය සඳහන් කළා.
එම කැළිකසළ ප්‍රතිචක්‍රීකරණය සඳහා භාරදෙනු ලැබුවේ බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය අධිකාරියටයි.
කෙසේ වෙතත් වැලි පෝෂක ව්‍යාපෘතිය නිසා වෙරළේ බෑවුම නිසි ලෙස සකස් වී නොමැති බවයි අද සිදුකළ නිරීක්ෂණයෙන් අනතුරුව සාගර විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය නලින් රත්නායක සඳහන් කළේ.
කෙසේ වෙතත් වැඩිදුර විමර්ශනය සඳහා සාගර විශ්වවිද්‍යාලයේ විශේෂඥ කණ්ඩායම ගල්කිස්ස වෙරළ තීරයේ වැලි සහ ජල සම්පල රැගෙන ගිය බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.
Share This Article