ජාතික රෝහලේ මුදල් කොල්ලයට සැකකාර වෛද්‍යවරයා යොදාගෙන ඇත්තේ සෙල්ලම් පිස්තෝලයක් (වීඩියෝ)
Tuesday, 09 June 2020 - 19:52 | Views - 1,775

කොළඹ ජාතික රෝහලේ ගිණුම් අංශයේ මුදල් අයකැමිවරිය බිය ගන්වා එහි තිබූ රුපියල් ලක්ෂ 79 කට අධික මුදලක් පැහැරගත් වෛද්‍යවරයා ඒ සඳහා යොදාගෙන ඇත්තේ සෙල්ලම් පිස්තෝලයක් බවට අනාවරණ වී තිබෙනවා.මොහු වෙනත් රෝහලකට අනුයුක්තව රාජකාරි කරමින් සිට විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස පශ්චාත් උපාධි පුහුණුවක් සඳහා ජාතික රෝහලට පැමිණි වෛද්‍යවරයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ.අද පස්වරු 1.30 ට පමණ රෝහලේ බණ්ඩාරනායක ගොඩනැගිල්ලේ සරප් අංශය වෙත පැමිණි සැකකාර වෛද්‍යවරයා රෝහලේ සේවකයින්ට අතිකාල දීමනා, වැටුප් මෙන්ම අතිරේක රාජකාරි සඳහා ගෙවීමට තිබූ මුදල් මෙලෙස පැහැරගෙන තිබූ අතර, පසුව ඔහු ත්‍රිරෝද රථයකින් පලාගොස් තිබුණා.තවත් ත්‍රිරෝද රථයකින්, සැකකරු හඹා ගොස් අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ ආධුනික නිලධාරීන් දෙදෙනෙකු වන අතර, එම අවස්ථාවේ රාජකාරි කටයුත්තක් සඳහා ජාතික රෝහලට පැමණ සිටි මාතර කොට්ඨාසයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තද කොල්ලකරු අත්අඩංගුවට ගැනීම සඳහා බුද්ධි නිලධාරීන්ට සහය වී තිබෙනවා.අත්අඩංගුවට ගත් සැකකාර වෛද්‍යවරයා හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
Share This Article