අත්‍යවශ්‍යම දේකට ඇරෙන්න ක්‍ෂේත්‍රයේ යාළුවො මටවත් කතා කළේ නෑ
Tuesday, 09 June 2020 - 16:45 | Views - 592
ක්‍රීඩකයෙක් විදියට ලැබුණු මේ දීර්ඝ නිවාඩුව ගැන මොනවද හිතන්නෙ
ඉන්ජෙක්ට් වෙලා හිටපු අයට ඒ ආබාධ රිකවර් වෙන්න හොඳ කාලයක් වගේම අනිත් ක්‍රීඩකයන්ටත් හොඳ බ්‍රේක් එකක්. ඒත් රටක් විදියට මේක බරපතළ හානියක් අපි හැමෝටම.

පුහුණුවීම් කටයුතුවල යෙදෙන්න බැරිවීම ලොකු පාඩුවක් නේද?
අනිවාර්යයෙන්ම මාස දෙකහමාරක් පුහුණුවීම්වලට සහභාගිවෙන්න නෑ කියන්නෙ ඕනෑම ක්‍රීඩාවක යෙදෙන ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට ලොකු පාඩුවක්.

ක්‍රීඩකයෙක් විදියට අනුගමනය කරන්න වෙලා තියෙන ඩයට් ප්‍රෝග්‍රෑම් එකට මොකද වුණේ?
සතියක් විතර ඒක මඟ හැරුනා. ඒත් මේ වසංගත තත්ත්වය ටිකක් දීර්ඝ ලෙස රට තුළ ක්‍රියාත්මක වෙන බව දැනගත්තම මම ටිකක් පරිස්සම් වෙන්න හිතාගත්තා. මොකද ඕනවට වඩා මහත් වුණොත් ආයෙ මුල ඉඳල යන්න වෙනවනෙ. එතන ඉඳල පරණ විදියම අනුගමනය කළා.

ක්‍රිකට් ඇරුණම කැමති වෙනත් ක්‍රීඩා ගැන කතා කළොත්?
කිහිපයක්ම තියෙනවා. ඒ අතර ෆුට් බෝල්, රග්බි විශේෂයි.

ඒවායේ නියැළෙන්න හැකියාව තියෙනවද?
ෆුට් බෝල් සෙල්ලම් කරන්න පුළුවන්. ඒත් රග්බිවලට ලොකු හැකියාවක් නෑ.

ක්‍රිකට් කියන්නෙ ඔබේ රැකියාව. එයින් ටික කාලෙකට හරි ඈත්වෙන්න සිදුවීම ගැන හිතේ දුකක් තියෙනවද?
ඔව්. ආසාවෙන් අපි නිරතවෙන රැකියාවට නොයා ගෙදර ඉන්න සිද්ධ වුණාම ඕනෑම කෙනෙකුට කනගාටුවක් ඇතිවෙනවනෙ. ඒක මගේ හිතටත් තදින් දැනුණා.

ගෙවුණු මේ කාලයේ ක්‍රිකට් පිටියේ සිදුවූ රසවත්ම අතීත සිදුවීම ලෙස ධනුෂ්කට මතක් වුණේ?
2017 අවුරුද්දෙ ශූරයන් ගේ කුසලානය තරගාවලියේදී ඉන්දියාව පරාජය කරමින් ලබාගත් ජයග්‍රහණයේ සුන්දර අත්දැකීම් තමයි ගෙදරට වෙලා ඉන්නකොට මට මතක් වුණේ.

ජිම් වහල තිබුණ මේ කාලය ඇතුළත ශරීර සුවතාව රැකගත්තෙ කොහොමද?
අවශ්‍යම කරන මැෂින් දෙකතුනක් එකතු කරගෙන මම ගෙදර පුංචි ජිම් එකක් හදාගෙන සුපුරුදු ව්‍යායාම්වල යෙදුනා.

ගෙදර හිටපු කාලෙ වැඩියෙන්ම කෝල් කළේ ක්‍ෂේත්‍රයේ යාළුවොද නැත්නම් වෙනත් මිතුරන්ද?
අත්‍යවශ්‍යම දේකට ඇරෙන්න ක්‍ෂේත්‍රයේ යාළුවො මටවත් මම එයාලටවත් කතා කළේ නෑ. මේ කාලෙ ඇතුළත මම පුංචි කාලෙ ඉඳල ඇසුරු කරන යාළුවො එක්ක තමයි කෝල් කරල දුක සැප බෙදාගත්තෙ.

පාළුව කාංසිය මඟහැරගන්න බොහෝ දෙනා සිංදු අහනවා. ධනුෂ්කත් එහෙම කෙනෙක්ද?
ඔව්. ඔව්. මමත් එහෙමයි. ගෙදර හිටියත් වාහනේ ගියත් සිංදු අහන්න මං හරිම කැමතියි.

විරහ ගීතවලට වැඩියෙන් ප්‍රියකරනව කියන්නෙ ඇත්තද?
ඒක බොරුවක්. කනට මිහිරි නම් මම ඕනම ගීතයක් අහන කෙනෙක්.

කොරෝනා වසංගතය මැඩපවත්වන්න ඔබේ දායකත්වය ලබාදුන්නෙ කොහොමද?
පොලිසියේ මගේ මිතුරන් පිරිසක් එක්ක එකතුවෙලා දකුණු පළාතෙ අයට ගොඩක් සහනාධාර ලබාදෙන අතර ඒ හැම කෙනෙක්වම දැනුවත් කළා මේ වසංගත තත්ත්වයෙන් ආරක්‍ෂාවෙන්නෙ කොහොමද කියල. ඒත් ඒවට පබ්ලිසිටි දෙන්න කටයුතු කළේ නැහැ.

ක්‍රීඩාවේ ඉදිරි කටයුතු සැලසුම් වෙලා තියෙන්නෙ මොන විදියටද?
ඉන්දියානු තරගාවලියකට සහභාගි වෙන්න තියෙනව. ඒත් ඒක ස්ථිර නැහැ. ඒෂියන් කප් එක වගේම, වර්ල්ඞ් කප් එක තමයි මගේ ටාගට් එක.

ළඟදීම පුහුණුවීම් ආරම්භ වීමට නියමිතයි ඒ සඳහා සහභාගි වීමට ආසාවක්ද කම්මැලිකමක්ද තියෙන්නෙ?
ආසාවකුත් තියෙනව...ගෙදරට වෙලා මාස දෙකහමාරක්ම හිටපු නිසා පුංචි කම්මැලිකමකුත් හිතට දැනෙනවා. ඒත් එහෙම වෙලා බෑනෙ. ආරම්භ වුණ ගමන් පුහුණුවීම්වලට සහභාගිවෙන්නයි හිතාගෙන ඉන්නෙ.

දිවයින
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top