අත්අඩංගුවට ගත් පිරිස අතර පෙරටුගාමී නායක කුමාර් ගුණරත්නම්
Tuesday, 09 June 2020 - 15:56 | Views - 399
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් ඇතුලු එම පක්ෂයේ සාමාජිකයින් 39 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අධිකරණ නියෝග නොතකා කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය අසළ විරෝධතාවකට සූදානම්වීමේදියි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඇමරිකානු තානාපති කාර්යාලය අසල හෝ ඒ අවට ප්රදේශයේ අද දිනයේ උද්ඝෝෂණ පැවැත්වීම වළක්වාලමින් ඊයේ අධිකරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
ඔවුන් මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණේ ඇමරිකාවේ නිරායුද කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් මිය යාමේ සිද්ධිය මුල් කර ගෙන පැන නැගී ඇති වර්ගවාදයට එරෙහි විරෝධතාවන්ට සමගාමීවයි.
Share This Article