පුතා ඉද්දි අවිවාහක ජයලලිතාගේ රුපියල් කෝටි 2250 සියළු දේපල, බෑනා සහ ලේලියගේ නමට ලියවුණු හැටි
Tuesday, 09 June 2020 - 15:40 | Views - 1,406
තමිල්නාඩුවේ හිටපු මහඇමතිනී ජයලලිතා ජයරාම්ගේ ඉන්දීය රුපියල් කෝටි නවසීයකට අධික දේපොළ සඳහා උරුමකරුවන් ලෙස ඇයගේ ඥාති බෑනා සහ ලේලිය නම් කිරීමට මදුරාසි අධිකරණය පසුගියදා කටයුතු කර තිබෙනවා. මේ දේපොළ අතරට හිටපු මහඇමතිනියගේ නිවෙස සහ තවත් චංචල දේපොළ රාශියක් අයත් බවයි සදහන් වන්නේ.

ජයලලිතා ජයරාම් අවිවාහක කාන්තාවක් වූ නමුත් ඇය සතුව හදාගත් දරුවකු සහ තවත් දේශපාලන ඥාති සබඳතා සහිත බොහෝ පිරිස් සිට තිබෙනවා. වරක් ඇය තමා හදාගත් පුත්‍රයාගේ විවාහය සඳහා අති විශාල වියදමක් දරමින් මංගල උත්සවයක්ද පැවැත්වූවා.

කෙසේ වුවද 2016 වසරේ ජයලලිතාගේ අභාවයෙන් පසු ඇයගේ අති විශාල දේපොළ සඳහා උරුමකම් කීමට පාර්ශ්වයන් රැසක් උනන්දු වූ අතර ජයලලිතාගේ සහෝදරයාගේ දරුවන් වන දීපක් සහ දීපා ජයකුමාර්ට අධිකරණයේ පිහිට පැතීමටද සිදුවුනා. එහිදී ජයලලිතාගේ බෑනා වන දීපක් පවසා සිටියේ ජයලලිතාගේ අවසන් කැමැත්ත අනුව දේපොළ තමන්ට හිමි විය යුතු බවයි.

කෙසේවුවද මේ සම්බන්ධ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මදුරාසි අධිකරණය පවසා සිටියේ ජයලලිතාගේ දේපොළ බෑනා වන දීපක්ට සහ ලේලිය දීපාට හිමිවිය යුතු බවයි.

මෙලෙස ඔවුන් දෙදෙනාට හිමිවන දේපොළ ඉන්දීය රුපියල් කෝටි 900කට (ලංකාෙව් මුදලින් රුපියල් ෙකා්ටි 2250ක්) අධික වන බවත් සදහන්. ජයලලිතාගේ නිවස ඇයගේ අනුස්මරණ කෞතුකාගාරයක් කිරීමට නියම වී තිබුණ ද අධිකරණය පවසා සිටියේ අනුස්මරණ කෞතුකාගාර පවත්වා ගන්නේ නම් එය සම්පූරණයෙන්ම අදාළ පාර්ශ්වයේ වියදමින් සිදු කළ යුතු බවයි.

මේ වන විට ජයලලිතාගේ බෑනාට සහ ලේලියට හිමිවන වත්කම් ප්‍රසිද්ධියට පත් කර ඇති අතර ගොඩනැගිලි සහ නිවාස රාශියක්, ගොඩනැගිලි ඉදිකිරීම සඳහා වෙන් කළ අති විශාල මුදල් ප්‍රමාණයක්, ඉන්දීය රුපියල් මිලියන පනස් තුනකට අධික රන් ආභරණ, ඉන්දීය රුපියල් මිලියන හතලිස් තුනකට අධික රිදී ආභරණ සහ ඉන්දීය රුපියල් මිලියන 34කට අධික ඉතුරුම් තැන්පතුද වනවා.

ජයලලිතාගේ සාමාන්‍ය බැංකු ගිණුම්වල ශේෂය ඉන්දීය රුපියල් මිලියන 106කට අධික ‍වේ. රුපියල් මිලියන 172කට අධික වටිනාකමකින් යුතු වාහන රාශියක්ම ඇයගේ වාහන එකතුවේ තිබූ බවද සඳහන්. ඇය සතු වූ වත්කම් අතර ඉන්දීය රුපියල් මිලියන 22කට අධික යන්ත්‍රසූත්‍රද තිබී ඇති අතර ඒ සියල්ල බෑනා සහ ලේලිය අතර බෙදී යෑමට නියමිතයි.

ජයලලිතා මියයන අවස්ථාව වන විට ඇය සතුව පාවහන් කට්ටල 278ක් තිබි ඇති අතර ඒවායේ වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ දෙකකට අධිකයි . මිය යන අවස්ථාව වන විට ඇය භාවිත කරමින් තිබී ඇති සාරි සංඛ්‍යාව 281ක් . ඒවායේ වටිනාකම සඳහන් වන්නේ ඉන්දීය රුපියල් මිලියන 9කට අධික සංඛ්‍යාවක් වශයෙනුයි.

ඇය සතුව අත් ඔරලෝසු 283ක් තිබී ඇති අතර ඒවායේ වටිනාකම ඉන්දීය රුපියල් මිලියන එකහමාරකට අධිකය. රුපියල් මිලියන එකහමාරක ගෘහභාණ්ඩ සහ මිලියන හතරක පොත්පත්ද තවත් නොයෙක් අගනා භාණ්ඩ රැසක්ද ජයලලිතාගෙන් ඇයගේ බෑනාට සහ ලේලියට හිමිව තිබෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top