පාසල් යළි ආරම්භ කරන දිනය ගැන අධ්‍යාපන ඇමති කියූ දේ
Tuesday, 09 June 2020 - 14:44 | Views - 788
ජූනි 29 වනදා සිට පියවර හතරක් යටතේ පාසල් විවෘත කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ එදින සිසුන් පාසල්වලට පැමිණීමට අවශ්‍ය නොවන බවයි.

විදුහල්පතිවරුන්, ගුරු මණ්ඩලය, අනධ්‍යයන සේවකයින්, පාසල් කළමනාකරණ මණ්ඩලය එදින පාසලට පැමිණිය යුතු බවද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.

දහ තුන, එකොළහ සහ පස්වන ශ්‍රේණිවල ළමයින්ට ජූලි මස 6 වනදා පාසල් ආරම්භ වන බවද ඔහු කියා සිටියා.

එම අදියර ජූලි මස 17 වනදා අවසන් වනවා. ජූලි 20 වනදා සිට 12 සහ 10 ශ්‍රේණිවල ළමයින්ට පාසල් විවෘත කරන අතර, එය අවසන් වන්නේ ජූලි මස 24 වනදායි.

ඊළඟ අදියර ජූලි මස 27 වනදා ආරම්භ වන අතර, එය 3, 4, 6, 7, 8, 9 යන ශ්‍රේණි සඳහා ක්‍රියාත්මකයි.

1 වන සහ දෙවන ශ්‍රේණිවල සිසුන්ට පාසල් විවෘත කරන දිනය මෙතෙක් තීරණය කර නොමැති බවයි ඔහු කියා සිටියේ.

උසස් පෙළ විභාගය සැප්තැම්බර් මස 7 වනදා ආරම්භ  කර ඔක්තෝම්බර් 2 වනදා අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top