පාසල් යළි ආරම්භ කරන දිනය ගැන අධ්‍යාපන ඇමති කියූ දේ
Tuesday, 09 June 2020 - 14:44 | Views - 789
ජූනි 29 වනදා සිට පියවර හතරක් යටතේ පාසල් විවෘත කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ එදින සිසුන් පාසල්වලට පැමිණීමට අවශ්‍ය නොවන බවයි.
විදුහල්පතිවරුන්, ගුරු මණ්ඩලය, අනධ්‍යයන සේවකයින්, පාසල් කළමනාකරණ මණ්ඩලය එදින පාසලට පැමිණිය යුතු බවද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.
දහ තුන, එකොළහ සහ පස්වන ශ්‍රේණිවල ළමයින්ට ජූලි මස 6 වනදා පාසල් ආරම්භ වන බවද ඔහු කියා සිටියා.
එම අදියර ජූලි මස 17 වනදා අවසන් වනවා. ජූලි 20 වනදා සිට 12 සහ 10 ශ්‍රේණිවල ළමයින්ට පාසල් විවෘත කරන අතර, එය අවසන් වන්නේ ජූලි මස 24 වනදායි.
ඊළඟ අදියර ජූලි මස 27 වනදා ආරම්භ වන අතර, එය 3, 4, 6, 7, 8, 9 යන ශ්‍රේණි සඳහා ක්‍රියාත්මකයි.
1 වන සහ දෙවන ශ්‍රේණිවල සිසුන්ට පාසල් විවෘත කරන දිනය මෙතෙක් තීරණය කර නොමැති බවයි ඔහු කියා සිටියේ.
උසස් පෙළ විභාගය සැප්තැම්බර් මස 7 වනදා ආරම්භ කර ඔක්තෝම්බර් 2 වනදා අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.
Share This Article