දෙහිවල - ට්‍රොපිකල් බෝම්බය පිපිරවූ බෝම්බකරු ප්‍රහාරයට පෙර යාච්ඥාවට සහභාගි වූ මුස්ලිම් දේවස්ථානයේ මව්ලවිවරයා ජනාධිපති විමර්ශන කොමිසම හමුවට
Tuesday, 09 June 2020 - 14:03 | Views - 404
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඊයේ (08) සාක්ෂි ලබා දුන්නේ දෙහිවල - ට්රොප්කල් ඉන් ලැඟුම් හලේ බෝම්බය පිපිරවූ ජමීල් මොහොමඩ් නමැත්තා ප්‍රහාරයට පෙර යාච්ඥාවට සහභාගි වූ දෙහිවල - එබනේෂන් පාරේ පිහිටි මුස්ලිම් දේවස්ථානයේ මන්සූර් මොහොමඩ් රෆ්ලාන් නමැති මව්ලවිවරයායි.
තමා ඔලූවිල් විශ්වවිද්‍යාලයට යන අවස්ථාවේ කාත්තන්කුඩි නගරයේ දුටු විශේෂ දේ කුමක්දැයි ජනාධිපති කොමිසම මෙහිදී අදාළ මව්ලවිවරයාගෙන් ප්‍රශ්න කර තිබෙනවා.
නගරයේ පාර මැද රට ඉඳි ගස් වවා ඇති බවත්, ඇතැම් වෙළඳ සැල්වල අරාබි භාෂාවෙන් නාම පුවරු සටහන් කර ඇති බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළා.
ජනාධිපති කොමිසම විමසා සිටියේ මේවා දුටු විට එම ප්‍රදේශය සෞදි අරාබියේ ප්‍රදේශයක් ලෙස හැගීමක් පැමිණියේ නැද්ද යන්න පිලිබඳවයි.
රට ඉදිගස් දුටු විට එවැනි හැගීමක් ඇති වූ බව සාක්ෂිකරු මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
Share This Article