දෙහිවල - ට්‍රොපිකල් බෝම්බය පිපිරවූ බෝම්බකරු ප්‍රහාරයට පෙර යාච්ඥාවට සහභාගි වූ මුස්ලිම් දේවස්ථානයේ මව්ලවිවරයා ජනාධිපති විමර්ශන කොමිසම හමුවට
Tuesday, 09 June 2020 - 14:03 | Views - 405
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඊයේ (08)  සාක්ෂි ලබා දුන්නේ දෙහිවල - ට්‍රොප්කල් ඉන් ලැඟුම් හලේ බෝම්බය පිපිරවූ ජමීල් මොහොමඩ් නමැත්තා ප්‍රහාරයට පෙර යාච්ඥාවට සහභාගි වූ දෙහිවල - එබනේෂන් පාරේ පිහිටි මුස්ලිම් දේවස්ථානයේ මන්සූර් මොහොමඩ් රෆ්ලාන් නමැති මව්ලවිවරයායි.

තමා ඔලූවිල් විශ්වවිද්‍යාලයට යන අවස්ථාවේ කාත්තන්කුඩි නගරයේ දුටු විශේෂ දේ කුමක්දැයි ජනාධිපති කොමිසම මෙහිදී අදාළ මව්ලවිවරයාගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

නගරයේ පාර මැද රට ඉඳි ගස් වවා ඇති බවත්, ඇතැම් වෙළඳ සැල්වල අරාබි භාෂාවෙන් නාම පුවරු සටහන් කර ඇති බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළා.  

ජනාධිපති කොමිසම විමසා සිටියේ මේවා දුටු විට එම ප්‍රදේශය සෞදි අරාබියේ ප්‍රදේශයක් ලෙස හැගීමක් පැමිණියේ නැද්ද යන්න පිලිබඳවයි.

රට ඉදිගස් දුටු විට එවැනි හැගීමක් ඇති වූ බව සාක්ෂිකරු මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top