කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ගෝලිය වසංගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ බොහෝ රටවල් සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගනු ලැබුවා.
එමෙන්ම මෙම කාලසීමාවේදී දෛනික කටයුතු බොහෝ ප්‍රමාණයක් අත්හිටුවීමටයි එම රාජ්‍යයන් කටයුතු කළේ.
ඉන් ලොව පුරා ඇති චිත්‍රපටි කර්මාන්තයටත් දැඩි ප්‍රහාරයක් එල්ල වුණා.
මෙම වසරේ තිරගත කිරීමට නියමිතව තිබු බොහෝ චිත්‍රපටි 2021 දක්වා කල්දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ වනවිට ඇතැම් රටවල කොරෝනා තත්ත්වය පාලනය කර ඇති බැවින් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ චිත්‍රපටි රූගත කිරීම් සිදු කිරීමට අවසර ලබාදී ඇති බව ද සඳහන්.
කෙසේ වෙතත්, ඉදිරියේදී හොලිවුඞ් චිත්‍රපටිවල රංගන ශිල්පීන් අතර සිප ගැනීම් හෝ ලිංගික දසුන් රූගතත නොකරන බව එම පුරවරයෙන් වාර්තා වනවා.
එම දසුන් පරිගණක තාක්ෂණයෙන් නිර්මාණය කර පසුව චිත්‍රපටිවලට එක් කරනු ඇති බවයි හොලිවුඩ් ප්‍රකාශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය කියා සිටියේ.
චිත්‍රපටි නිෂ්පාදකරුවන් සහ අධ්‍යක්ෂකවරුන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
මෙම තීරණය ගෙන ඇත්තේ, කොරෝනා වසංගතයෙන් ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනා ආරක්ෂ කරගැනීමේ අරමුණින්.
රූගත කිරීම් සිදු නොකර ඇති චිත්‍රපටිවලින් එම දසුන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
කොරෝනා වසංගතය ඉතා නිවැරදිව පාලන කිරීමෙන් අනතුරුව යළි පෙර පරිදිම රූගත කිරීම් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද ඔවුන් විදේශ මාධ්‍ය වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.
