මහවැලි ගඟට බිලිවූ කාන්තාවකගේ සිරුරක් හමුවෙයි
Tuesday, 09 June 2020 - 11:40 | Views - 755
මහවැලි ගඟේ දිය නෑමට ගොස් අතුරුදහන් වූ කාන්තාවකගේ සිරුරක් නාවලපිටිය, බව්වාගම ප්‍රදේශයේ පාවෙමින් තිබියදී නාවලපිටිය පොලිසිය විසින් ගොඩගෙන තිබෙනවා.

මෙසේ ගොඩගනු ලැබුවේ, නාවලපිටිය, ජයසුන්දරඕවිට ප්‍රදේශයේ පදිංචි සහිරූ නිෂා නැමති 44 හැවිරිදි කාන්තාවගේ සිරුරයි.

මහවැලි ගඟේ දිය නෑමට යන බව පවසමින් මිය ගිය කාන්තාව අද (09) උදෑසන 6 ට පමණ නිවසින් බැහැරව ගිය බව සඳහන්.

පසුව ඇය නිවසට නොපැමිණි නිසා ඒ පිළිබඳව සොයා බැලූ බවත්, ජීවිතක්ෂයට පත් නිෂාගේ ඥාතින් විසින් සිරුර හඳුනා ගැනිමෙන් අනතුරුව නාවලපිටිය පොලිසියට දැනුම් දුන් බව වාර්තා වනවා.

ජීවිතක්ෂයට පත් කාන්තාව දිය නෑමට ගියේ යැයි කියන මහවැලි ගඟේ ජයසුන්දරඕවිට ප්‍රදේශයේ සිට කිලෝමීටර් දෙකක් පමණ පහළින් වූ මහවැලි ගඟේ බව්වාගම ප්‍රදේශයේ තිබී පාවෙමින් තිබූ සිරුර ප්‍රදේශවාසින් දැක නාවලපිටිය පොලිසිය වෙත දැනුම් දීමෙන් පසු සිරුර ගොඩගෙන ගැනුණා.

ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යයවරයා වෙත යොමු කරන බවයි නාවලපිටිය පොලිසිය සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top