මහවැලි ගඟට බිලිවූ කාන්තාවකගේ සිරුරක් හමුවෙයි
Tuesday, 09 June 2020 - 11:40 | Views - 756
මහවැලි ගඟේ දිය නෑමට ගොස් අතුරුදහන් වූ කාන්තාවකගේ සිරුරක් නාවලපිටිය, බව්වාගම ප්‍රදේශයේ පාවෙමින් තිබියදී නාවලපිටිය පොලිසිය විසින් ගොඩගෙන තිබෙනවා.
මෙසේ ගොඩගනු ලැබුවේ, නාවලපිටිය, ජයසුන්දරඕවිට ප්‍රදේශයේ පදිංචි සහිරූ නිෂා නැමති 44 හැවිරිදි කාන්තාවගේ සිරුරයි.
මහවැලි ගඟේ දිය නෑමට යන බව පවසමින් මිය ගිය කාන්තාව අද (09) උදෑසන 6 ට පමණ නිවසින් බැහැරව ගිය බව සඳහන්.
පසුව ඇය නිවසට නොපැමිණි නිසා ඒ පිළිබඳව සොයා බැලූ බවත්, ජීවිතක්ෂයට පත් නිෂාගේ ඥාතින් විසින් සිරුර හඳුනා ගැනිමෙන් අනතුරුව නාවලපිටිය පොලිසියට දැනුම් දුන් බව වාර්තා වනවා.
ජීවිතක්ෂයට පත් කාන්තාව දිය නෑමට ගියේ යැයි කියන මහවැලි ගඟේ ජයසුන්දරඕවිට ප්‍රදේශයේ සිට කිලෝමීටර් දෙකක් පමණ පහළින් වූ මහවැලි ගඟේ බව්වාගම ප්‍රදේශයේ තිබී පාවෙමින් තිබූ සිරුර ප්‍රදේශවාසින් දැක නාවලපිටිය පොලිසිය වෙත දැනුම් දීමෙන් පසු සිරුර ගොඩගෙන ගැනුණා.
ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යයවරයා වෙත යොමු කරන බවයි නාවලපිටිය පොලිසිය සඳහන් කළේ.
Share This Article