මුහුණු ආවරණ ස්ථර 3කින් සමන්විත විය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේශ
Tuesday, 09 June 2020 - 11:31 | Views - 896
කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා භාවිත කරන රෙදිවලින් නිෂ්පාදිත මුහුණු ආවරණ අවම වශයෙන් එකිනෙකට වෙනස් අමුද්‍රව්‍ය වලින් තැනූ ස්ථර 3කින් සමන්විත විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ජිනිවා නුවර ඊයේ පැවති දෛනික මාධ්‍ය හමුවේදී එහි ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් මේ බව කියා සිටියේ නවතම පර්යේෂණයක ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින්.
එමෙන්ම, මුහුණු ආවරණ, පුද්ගල දුරස්ථභාවය සහ දෑත් පිරිසිදු කිරීම වැනි අනෙකුත් මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවලට විකල්පයක් නොවන බව ද ඔහු අවධාරණය කළා.
Share This Article