අවුරුදු අටක පුංචි දැරියක් හතර වතාවක් අපයෝජනයට ලක් කළ නරුමයෙකුට අත් වුණු ඉරණම
Tuesday, 09 June 2020 - 11:16 | Views - 448
වයස අවුරුදු අටක දැරියක් බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කළ විසිතුන් හැවිරිදි පුද්ගලයකු ඉකුත්දා (06) අත්අඩංගුවට ගත් බව බුත්තල පොලිසිය පවසනවා.
 
වින්දිත දැරියගේ පියා පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් පසු පොලිසිය මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පොලිසිය පවසන්නේ සැකකරු අතින් අවස්ථා හතරකදී දැරිය අපයෝජනයට ලක්ව ඇති බවයි.
 
එම අපයෝජනයට ලක්වූ දින පිළිබඳව දැරියට මතකයක් නැති බව පොලිසිය පවසනවා.
 
වින්දිත දැරිය ප්‍රදේශයේ පාසලක 04 ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවට අනාවරණය වී තිබෙනවා.
 
අත්අඩංගුවට ගත් සැකකරු ඉකුත්දා (07දා) වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතව තිබුණා.
 
මොනරාගල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර, සහකාර පොලිස් අධිකාරි හේමන්ත ඕවිටිගම යන මහතුන්ගේ උපදෙස් හා නියෝග මත බුත්තල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.එම්.ජේ. බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගුණසේකර මහතා ඉදිරි පරීක්ෂණ පවත්වනවා.
 
මොනරාගල - සංජීව බණ්ඩාර
ඔක්කම්පිටිය - ඉඳුනිල් අලුත්ගෙදර
(මව්බිම පුවත්පත)
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top