21 හැවිරිදි සිය පෙම්වතිය ගණිකාවක් කළ නරුම පෙම්වතා, ඇයව හෝටලයක තියාගෙන මුදලට විකුණලා
Tuesday, 09 June 2020 - 11:00 | Views - 852
සිය පෙම්වතිය බව හඟවමින් 21 හැවිරිදි තරුණියක මුදලට අලෙවි කළ බව කියන තරුණයෙකු හා අඟුණකොළපැලැස්ස ප්රදේශයේ හෝටලයේ කළමණාකාරුවෙකු ඇතුළු තිදෙනෙකු එම කාන්තාව ද සමඟ පෙරේදා (07) අත්අඩංගුවට ගත් බව අඟුණකොළපැලැස්ස පොලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බෙලිඅත්ත ප්රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක, මාතර ප්රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු, හෝටලයේ කළමණාකරු බව කියන රත්නපුර ප්රදේශයේ පදිංචි අයෙකු හා වීරකැටිය ප්රදේශ පදිංචි 31 හැවිරිදි තවත් පුද්ගලයෙකු බව පොලිසිය පවසනවා.
ප්රදේශවාසීන්ගේ 119 දුරකථන අංකයට ලද පැමිණිල්ලක් අනුව මෙම වැටලීම සිදුකර තිබුණා.
සිය පෙම්වතිය බව හඟවමින් දීර්ඝ කාලයක සිට දිවයිනේ විවිධ ප්රදේශවල හෝටල්-වල දින කිහිපයක් තිස්සේ රැඳී සිටිමින් මෙම තරුණයා අදාළ තරුණිය මුදලට අලෙවි කර ඇතැයි තොරතුරු අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් තරුණිය කුඩා කල සිටම ළමා නිවාසයක හැදී- වැඩී ඇතැයි ද පොලිසිය සඳහන් කළා.
(උපුටා ගැනීම - ලංකාදීප පුවත්පත.)
Share This Article