ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතන චෝදනාවට ලක්වූ පොලිස් නිලධාරියාට ඩොලර් මිලියන 1.25ක ඇපයක්
Tuesday, 09 June 2020 - 10:24 | Views - 600
නිරායුධ කළු ජාතිකයෙකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීමේ චෝදනාවට ලක්වූ මිනියාපොලිස් හිටපු පොලිස් නිලධාරියා ඩෙරෙක් චාවින්ට අධිකරණය ඩොලර් මිලියන 1.25ක ඇප මුදලක් නියම කර තිබෙනවා.
ඇප මුදල ඩොලර් මිලියනයකින් ඉහළ නැංවීමට හේතුව ලෙස පෙන්වා දී ඇත්තේ "චෝදනාවල බරපතලකම" සහ මහජන කෝපයයි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනෙක් නිලධාරීන් තිදෙනාට මිනීමැරීමට ආධාර කිරීම සහ අනුබල දීම යන චෝදනා ගොනු කරනු ලැබුවා.
Share This Article