ඇමරිකාවම ඇවිලෙද්දී අහම්බෙන් කැමරා කාචයක සටහන් වූ, කළු ජාතික මව සහ පුත්‍රයා, සමාජ මාධ්‍ය සංවේදී කළ ඡායාරූප මෙන්න
මේ දිනවල කොරෝනාටත් වඩා අන්ත සිදුවීමක් නිසා ඇමරිකා එක්සත් ජනපදයම ගිනි ගොඩක් බවට පත්ව තිබෙනවා.
කළු ජාතිකයෙකු අමානුෂික ලෙස අවසන් ගමන් යැවූ පුවතත් සමඟයි, මෙසේ මුළු ලෝකයේම අවධානය එක ක්ෂණයකින් ඇමරිකාව දෙසට යොමු වුණේ..
එක්සත් ජනපදය පුරා පැවති විරෝධතා-වලට ලොව පුරා ජනතාව එක්වන අයුරුත්, එමෙන්ම ඇතැම් ප්‍රදේශ-වල පොලිස් නිලධාරින් පවා උද්ඝෝෂකයින්ට සහය පළ කරන අයුරුත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
මේ අතරතුරදී ඉතා සංවේදී ඡායාරූප කිහිපයක් ඩේලිමේල් ඊයේ දිනයේ වාර්තා කර තිබුණා.
මාස හතක් වයසැති තම දරුවාට "විරෝධතාකරුවන්" පෙන්වන මවකගේ සංවේදී මොහොත මෙම ඡායාරූපවලින් දැක්වුණා.
මෙම ඡායාරූප පෙළ ඡායාරූප ශිල්පි අම්බර් මාරි ග්‍රීන්ගේ කැමරා කාචයට හමුව තිබුණා.
මෙම තරුණ මව චිකාගෝ පුවත්පතකට පැවසුවේ තම දරුවා විරෝධතා-වලට රැගෙන යාම අවශ්‍ය නැති නමුත්, උද්ඝෝෂණ සඳහා කොපමණක් දෙනා එක්ව සිටිනවාද යන්න දුටු විට තමා හැඟීම්බර වූ බවයි.
Dailymail ඇසුරිනි.
