රෝහල් බිල්පත ගෙවීමට අපොහොසත්වීමේ චෝදනාව මත 80 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙකු රෝහල් ඇඳක අත් පා බැඳ තැබීමේ පුවතක් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.
අදාළ පුද්ගලයාගේ පවුල් ඥාතීන් ප්‍රකාශ කළේ ඉන්දීය රුපියල් 11,000ක් වන රෝහල් බිල ගෙවීමට අපොහොසත්වීම හේතුවෙන් ඔහු මෙලෙස බැද දමා ඇති බවයි.
අදාළ පුද්ගලයා මානසික රෝගාබාධයකින් පෙළෙන බැවින් තමන්ට බාධාවක් නොවීම සඳහා එලෙස අත් පා බැඳ ඇදෙහි ගැට ගැසූ බවයි රෝහල් බලධාරීන් පවසා තිබෙන්නේ.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර රෝහලට එරෙහිව දැඩි පියවර ගන්නා බව මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.