හැමෝම ආදරය කරන කාටූන් චිත්‍රපටයේ, ප්‍රධාන චරිතයකට පෙම් බඳින, කොලු පැටියෙක් ගැන අමුතු කතාවක් මෙන්න
අපි හොඳින්ම දන්න දෙයක් තියනවා, බෝනික්කන්ට වැඩියෙන්ම ආස කරන්නේ පුංචි කෙලි පැටව්...
හැබැයි මේ කියන්න හදන්නේ ඊට හාත්පසින්ම වෙනස් විදිහේ කතාවක්.. අපි යමුද ඕස්ට්‍රේලියාවට.. මොකද මේ කතාවේ නායකයා ඉන්නේ ඒ දූපතේ...
Frozen 2 කියන අතිශය ජනප්‍රිය සිනමා පටයේ එන "එල්සා" කියන බෝනික්කියට ආදරේ කරන, ඈ ගැන පිස්සුවෙන් ඉන්න කොලු පැටියෙක් ගැනයි මේ කතාව...
මෙල්බර්න් හි ග්‍රැෆික් නිර්මාණකරුවෙකු සහ ළමා කතුවරයකු වන ස්කොට් ස්ටුවර්ට් ගේ පුත්‍රයා තමයි මේ අසාමාන්‍ය පොඩිත්තා..
මේ කොලු පැටියට එල්සා ගැන තියෙන්නේ "උමතුවක්" කියලයි ඔහු කියන්නේ...
"බෝනික්කන් ගැහැණු ළමුන් සඳහා විතරයි කියලා කිව්වම, ඒ කියන්නේ බෝනික්කෝ එක්ක සෙල්ලම් කරන්න එපා කිව්වම ඔහු කලබලයට පත් වුණා.."
ඉතින් මේ ආදරණීය පියා දරුවාට සිතැඟී හැමදේම කරන්නේ ආදරෙන්.. විශේෂයෙන්ම Frozen 2 නරඹන්න සිනමා ශාලාවට යනවිට "එල්සා" ලෙසින් සැරසී යාමට මේ පොඩි එකාට ඕනි වුණාලු..
ඉතින් මේ තාත්තා දෙපාරක් නොහිතා ඔහුගේ හීනේ හැබෑ කරලා.. පුතාගේ කැමැත්තට එල්සා වුණු මේ "ආදර්ශමත් තාත්තා"ට සමාජ මාධ්‍යයෙන් ලොකු අත්පොළසන් නාදයක් ඇවිත්..
මේ අපූරු වීඩියෝව මිලියන 4කටත් වැඩි නැරඹුම් වාර තියෙනවා කියලයි ඩේලිමේල් කියන්නේ..
බොහෝ පිරිසක් කියලා තිබුණේ, "වසරේ සම්මානනීයම පියා" ඔහු බවයි.
ස්කෝට් මේ ගැන මේ විදිහට කියනවා,
"මට මේක දැකලා බොහෝ පිරිසක් කිව්වා, ඔවුන්ටත් ඉන්නවලු බැට්මෑන් වෙන්න, ස්පයිඩර් මෑන් වෙන්න කැමති දියණියන්.. ඉතින් පිරිමි ළමයෙකු වුණු මගේ දරුවා එල්සා වීම ආශ්චර්යයක් නොවෙයි. ඒක ලැජ්ජාවකට කරුණකුත් නෙවෙයි.."
Dailymail ඇසුරිනි.
