ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 22ක්
Tuesday, 09 June 2020 - 7:58 | Views - 1,290
ඊයේ (08) දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් විසි දෙදෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.

කුවේට් රාජ්‍යයේ සිට පැමිණි 08ක්, චෙන්නායි සිට පැමිණි 04ක් සහ නාවික හමුදා සාමාජිකයින් 10ක් ඒ අතර වනවා.

ආසාදිතයින් 22ක් ඊයේ (08) දිනයේ හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1857 දක්වා ඉහළ ගියා.

එමෙන්ම, ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 49 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ද 990 දක්වා ඉහළ ගියා.

මීට අමතරව පුද්ගලයින් 856 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

එමෙන්ම, තවදුරටත් පුද්ගලයින් 5109 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන 43ක නිරෝධායනයට ලක්වෙමින් සිටින බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top