මගේ තාත්තා නැතිවුණාට පස්සේ අයියලා තමයි අපිව බලාගත්තේ- මම හරිම ලැජ්ජාශීලී ළමයෙක්
Monday, 08 June 2020 - 16:33 | Views - 723
නිමල් වීරක්කොඩි අධ්‍යක්ෂණය කළ “ඇය වැරැදිද මට කියන්න” චිත්‍රපටයට අවශ්‍ය වුණේ අලුත් කෙනෙක්. නෑදෑවෙන කෙනෙක් මාර්ගයෙන් මගේ අයියලාගේ අවසරය අරගෙන තමයි මාව ඒ චිත්‍රපටයට සම්බන්ධ කරගත්තේ. චිත්‍රපටය සිනමාශාලාවල තිරගත වෙන්න ගත්තම මෙන්න ප්‍රේක්ෂකයෝ මාව බලන්න එනවා. මට හරිම ලැජ්ජයි. ඇයි මේ මිනිස්සු මාව බලන්න එන්නේ කියලා මට පුදුම හිතුණා. මමත් තරුණයිනේ ඒ කාලේ. මොකද්ද මේ වෙන්නේ කියලා හිතාගන්න බැරි වුණා.

ඇය ඇයට ලැබුණ ප්‍රේක්ෂක ප්‍රතිචාරය හිතට කාවැදුණ අතීතය මතක් කළේ එලෙසය.
 
සුන්දර තරුණියක වූ රමණිගේ ගේ වටේ තරුණයන් කැරකෙන්නට පටන් ගත්තේ එතැන් සිටය.

චිත්‍රපටයෙන් ජනප්‍රිය වුණාට පස්සේ මිනිස්සු මාව බලන්න ගේ ඉස්සරහට එනවා. මම කොයිම වෙලාවක හරි එළියට එයි කියලා තමයි ඔවුන් බලාගෙන ඉන්නේ. සමහර තරුණයෝ ඒ කාලේ මම කතා කරයි කියලා හිතලා බලාගෙන ඉන්නවා. මම පේන්න හිටියොත් මට අත වනාගෙන යනවා. මමත් ඉතින් ඒ කලේ තරුණයන්ට අත වනනවා. හැබැයි ඉතින් තරුණයෙක්ට අතවනනවා. දැක්කොත් ඉතින් අයියලාගෙන් ගුටි තමයි. ගැහැනු අයට අත වැනුවාට නම් ප්‍රශ්නයක් නෑ. තරුණයෙක්ට අත වැනුවොත් කවුද ඒ කොල්ලා කියලා දෙවැනි අයියා අහනවා. දෙවැනි අයියා පුදුම විදිහට සැරයි. මම ඉතින් දැනගෙන නෙවෙයි අත වනන්නේ. එයාලා අත වැනුවම මමත් අත වනනවා”.
The Hacker News — Cyber Security, Hacking, Technology News
අපූරු රසික මතක ලැබුණ නිර්මාණවලදී ඒ වගේ අපූරු මතකත් හැංගිලා තිබුණා. ඇය මහා විශාල නිර්මාණ ප්‍රමාණයක දකින්න නොලැබුණත් ඇය දකින්න ලැබුණ නිර්මාණවලින් රසික අකාර්ෂණය දිනාගත්ත චරිතයක්. ඇය චිත්‍රපට 25කට වඩා ප්‍රමාණයකත් ටෙලි නාට්‍ය 60ක් වැනි ප්‍රමාණයකිනුත් මේ වෙනකොට ප්‍රේක්ෂකයන් අතරට විත් අවසන්. ඇය සම්බන්ධ වූ ඉටිමල්, රුපියල් සත, මනෝ මන්දිර, රෝස කටු ඇයගේ ජනප්‍රියත්වය තහහවුරු කළ තවත් නිර්මාණ කිහිපයක් බවට පත්වුවා. ඇය රංගනය නිසා ලැබුණ රසික ආදරය තව තවත් මතක් කළේ මෙලෙසයි.

ඒ කාලේ මට ටවුන් එකටවත් තනියම යන්න අවසර නැහැ. නංගිලා තුන්දෙනාගෙන් කෙනෙක් එක්ක තමයි මට ටවුමට යන්න වුණේ. දවසක් මම ඒ කාලේ ටවුමේ කඩේකට ගියාම ආච්චිලා, අම්මලා ගොඩක් ඇවිත් “අනේ මේ දුව නේද අර රඟපාන්නේ. අනේ දෙයියෝ දැක්කා වගේ කියලා” කතා කරන්න ගත්තා. මම ඒ කාලේ හරි බයයි මිනිස්සු වටවෙද්දී. මොකද මම එච්චර සමාජශීලී නැහැ. මට පිරිසක් එක්ක ඉඳලා හුරු නැහැ. මම ගොඩක් කාලයක් හිටියේ හොස්ටල් එකක. මට අපල කියලා තිබුණ නිසා මම හොස්ටල් එකේමයි හිටියේ. මගේ තාත්තා නැතිවුණාට පස්සේ අයියලා තමයි අපිව බලාගත්තේ. මම හරිම ලැජ්ජාශීලී ළමයෙක්. ඒ කාලේ මම රඟපානවා කිව්වාම යාළුවන්ටත් පුදුමයි. එතකොට මම යාළුවන්ට කියන්නේ දෙවියෝ තමයි මාව ඒ තැනට ඇදලා දැම්මේ කියලා. මම රංගන ශිල්පිනියක් වුණාට පස්සේ මම කොහේ ගියත් රසිකයන්ගේ ආදරය මට දැනෙන්න ගත්තා.

රමණිගේ ජනප්‍රියත්වය එක්ක ඇයට රසිකයන්ගෙන් ලැබුණ ලිපි ප්‍රමාණය අතිවිශාලය. දුරකථනය ජනප්‍රිය නොවූ යුගයක ලිපිවලින් ලැබුණ ආදරය ඇය මතක් කළාය.

ඒ කාලේ මට මිටි මිටි ලියුම් එන්න ගත්තා. මමයි ලොකු නංගියි තමයි ඒ ලියුම් කඩලා බලන්නේ. තරුණයෝ එහෙම එයාලගේ ඡායාරූපත් එක්ක තමයි මට ලිපි එවන්නේ. මමත් ඉතින් ලියුම් කවර මුද්දර ගෙනත් එයාලට ප්‍රතිචාර යැව්වා. ලස්සන කොල්ලන්ට නම් වැඩිපුරත් එක්ක දේවල් ලියලා යවනවා. ගොඩක් අය ලියුම්වලින් ආදරය ඉල්ලලා එවලා තිබ්බා. සමහර තරුණයන්ගේ ලස්සන ෆොටෝ දැක්කම ලොකු නංගි මගෙන් අහනවා “එයාට ආදරෙයි කියලා යවමුද කියලා. පෙනුම හොඳට තියෙන සමහරුන්ට අපි ලියලා යවලා තියෙනවා” ආදරය කරන්න නම් පුළුවන්, හැබැයි හැබැහින් දකින්න ඕනේ” කියලා. හැබැයි ඉතින් අපිට කොහෙවත් යන්න අවසර නැහැ. එයාලට ගෙදරට එන්න කියලා තමයි කියන්නේ.

ලිපිවලින් ආදරය ඉල්ලූ තරුණයන් රමණිගේ ගෙදරට ආවිට සිද්ධවුණ දේවල් ඇය සිනහවකින් මුව රඳවාගෙනම මතක් කළා.

“ආදරය ඉල්ලලා ලිපි එවපු අය ගෙදරට ආවම අපේ දෙවැනි අයියාගේ නපුරුකම දැකලා, ආදරය අමතක කරනවා. ඊට පස්සේ ඒ තරුණයොම කියනවා අපි යාළුවෝ වගේ ඉමු කියලා. ඒ කාලේ තරුණයන්ට ලිපි ලියද්දී පොඩි අයියා ළඟට එනවා නම් දෙවැනි නංගි කියනවා “ආලවක එනවා” කියලා. ඇත්තටම හරිම සුන්දරයි ඒ කාලේ. මාව බන්දලා යවද්දිත් අයියා කිව්වේ “බැන්දා කියලා නෑ, වරදක් කළොත් ගුටි තමයි කියලා.”

එදා ඇයට ආදරය කළ සමහර තරුණයන් තවමත් ඇගේ මිතුරන්ය.

“ඒ කාලේ මගෙන් ආදරය ඉල්ලපු අය දැන් විවාහ වෙලා. දැන් පවුලේ අයත් එක්කම අපි යාළුයි. සමහර අය වයිෆ් ඉස්සරහම කියනවා ඒ කාලේ රමණිව යාළු කරගන්න ෆුල් ට්‍රයි කළා. හරි ගියේ නැහැනේ” කියලා.

තවමත් රමණිට තිබෙන ප්‍රේක්ෂක ආදරය ඉහළයි. ඇය ඉඳහිට නිර්මාණයක පෙනී සිටියත් ඇයට ලැබෙන රසික ආදරය අඩු වී නැහැ.

“තවමත් මට ආදරය කරන රසික පිරිසක් ඉන්නවා. කොහේ ගියත් උදවු කරන අය ඉන්නවා. දවසක් මම වාහනයේ යද්දී මගේ වාහනයේ රෝදයක පැච් එකක් ගියා. එතැන හිටපු හැමෝම ඒක හදලා දීලා “දැන් මිස් පරිස්සමට යන්න කියලා” එව්වා. මම සමහර කාලවල රඟපාන්නේ නැතිව ඉන්නවා. එතකොට බොහෝ අය අහනවා ඇයි රඟපාන්නේ නැත්තේ. අපි මිස් රඟපානවා බලන්න ආසයි කියලා. ඒ ප්‍රතිචාර හරිම ආදරණීයයි. මොරින් (මොරින් චාරුණී) වුණත් මට කියන්නේ ඔයා ඉතින් රඟපාන්න කම්මැළියිනේ කියලා. රසික රසිකාවියන් අපිට පුදුම විදිහට ආදරය කරනවා කියලා දැනෙන්නේ ඒ ප්‍රතිචාරවලින්. මම කොහෙවත් ගියාට මම ජනප්‍රියයි කියලා ඒක යම් දෙයකට පාවිච්චි කරන්නේ නැහැ. ඒ මගේ විදිහ. හැබැයි තැනකට ගියාම එතැන ඉන්න අයම අපිට අවස්ථා දෙනවා. ලැබෙන ජනප්‍රියත්වය ඒ ඒ වෙලාවට අනුව හොඳ අතට මෙන්ම නරක අතටත් බළපාන අවස්ථා ඕනෑ තරම්. හැබැයි ඒ රසිකයන්ගේ ආදරේ ප්‍රශ්නයක් නිසා නම් නෙවෙයි.

මම සාමාන්‍යයෙන් පෝයට සිල් ගන්න පන්සල් යනවා. දවසක් මම සිල් අරගෙන භාවනා කර කර ඉඳලා ඇස් දෙක අරිද්දී මගේ ඉදිරියේ බොහෝ දෙනෙක් පිරිලා. රංගනයේ යම් යම් දේවල් ඔවුන් අහන්න ගත්තා. ඉතින් මම ඒ අම්මලාට පැහැදිලි කළා අපි සිල් අරගෙන ඉන්න නිසා ඒ ගැන කතා නොකර ඉමු නේද කියලා. තවත් දවසක් මගේ කනේ තුවාලයක් තිබිලා මම ප්ලාස්ටර් එකක් දාගෙන සිල්ගන්න ගියා. එතකොට අම්මලා කිහිපදෙනෙක් ඇවිත් අහනවා “ඔය ලස්සන මුහුණට මොකද වුණේ” කියලා. ඒ සිදුවීමෙන් පස්සේ මම කල්පනා කළා ඒ අයට එහෙම කතා කරන්න හේතුවක් වෙන්නේ මමනේ. ඒ නිසා මම ගෙදර සිල් ගන්නවා කියලා. සමහර පින්කම් කරන්න ගියාම සමහර වැඩිහිටියන් මට වඳින්න එනවා. ඒ මිනිසුන්ගේ හදවත් සුන්දරයි. හැබැයි මම එහෙම වැඳුම් ලබන්න කැමැති නැහැ. එක ටෙලි නාට්‍යයක මම පාලමකින් පනිනවා. ඒක බලපු සමහර අම්මලා ඒක ඇත්තක් කියලා හිතලා අනේ ඒ වගේ දේවල් කරන්න එපා, ඒවා අපිට බලන් ඉන්න බෑ කියලා කියනවා. ඔවුන් මට පුදුමාකාර ආදරයක් දක්වන්නේ. මමත් ඔවුන්ට මගේ ආදරය ලබාදෙනවා. මගේ ජීවිතේ ගත කරන්නේ ඒ ආදරයත් එක්ක.

සාමාන්‍යයෙන් රංගන ශිල්පිනියන් අඳින පලඳින විදිහ, කොණ්ඩා මෝස්තර, ඔවුන්ගේ හැසිරීම් රටා, අනුකරණය කරන්න රසික රසිකාවියන් නිරන්තරයෙන් පෙලඹෙන බව පෙනෙන්නට තිබෙන කාරණයක්. මුල් අවධියේ රමණිව අනුකරණය කළ පිරිසක් ගොඩනැඟුණේ ඇයට දක්වන ආදරය, ඇගේ ආකර්ෂණීය බව නිසාමය.

මම රඟපෑවෙම බටහිර චරිත. ඒ නිසා මම ඇන්ද විදිහට ඇඳුම් අඳින්න, මම දැම්මා වගේ කොණ්ඩා මොස්තර දාන්න බොහෝ දෙනෙක් පෙලඹුණා. මම ඒ කාලේ කොණ්ඩයට එක එක කටු ගහනවා. අතට විවිධ පලඳනා දානවා. ඉතින් ඒ දේවල් තරුණියන් හරි ආසාවෙන් භාරගත්තා. ඔවුනුත් ඒ විදිහේ විලාසිතා කරන්න ගත්තා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
මව්බිම
The Hacker News — Cyber Security, Hacking, Technology NewsThe Hacker News — Cyber Security, Hacking, Technology News
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top