රත්රන් ගුලියක් ප්රවාහනය කළ බස් රියදුරෙක් අත්අඩංගුවට
Monday, 08 June 2020 - 16:24 | Views - 838
කොළඹ සිට මන්නාරම දක්වා රත්රන් ග්රෑම් 109 ක් බරැති රන් ගුලියක් ප්රවාහනය කරමින් සිටි සැකකරුවෙකු ඊයේ (07) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පවසන්නේ මෙම රන් ගුලියේ වටිනාකම රුපියල් මිලියනයකට අධික වන බවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ලංගම බස් රියදුරෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකුයි.
ඔහු මන්නාරම ප්රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන අයෙකු බවයි සඳහන් වන්නේ.
සැකකරු අදාළ රන් ගුලිය කුමන කටයුත්තක් වෙනුවෙන් රැගෙන පැමිණියේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මන්නාරම පොලිසියයි මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන්නේ.
Share This Article