ටෙලි නාට්‍ය රංගන ශිල්පීන් වන අවිවාහක අයියා සහ නංගී එකම ඇඳේ මරණය වැළඳගත්ත හේතුව, ප්‍රදේශවාසීන් හෙළි කරයි
Monday, 08 June 2020 - 15:21 | Views - 6,504
ටෙලි නාට්‍ය රංගන ශිල්පියනිකගේ සහ ශිල්පියෙකුගේ මළ සිරුරු ඔවුන්ගේ නිවෙස් තිබි සොයාගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, ජේ ශ්‍රීධර් සහ ජෙයකල්‍යානි නමැති අය වනවා.

ලද තොරතුරක් මත මෙම සිරුරු සොයාගත් බවයි, ඉන්දිය පොලිසියේ ප්‍රකාශයක් උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.
 
මෙලෙස මිය ගොස් තිබුණේ, වයස අවුරුදු 40 යේ වයස් කාණ්ඩයේ පසුවන එකම පවුලේ සහෝදරයා සහ සහෝදරිය බව ද සඳහන්.
 
එම නිවසේ දුර්ගන්ධයක් ඇතිව තිබු අතර ප්‍රදේශවාසීන් විසින් පොලිසියට දැනුම් දී තිබු අතර එම නිලධාරීන් පැමිණ නිවසෙහි දොර කඩා දමා මළ සිරුරු පිටතට ගැනීමට කටයුතු කළා.
 
ඔවුන් දෙදෙනා නිදන කාමරයේ සිටි බවත්, මළ සිරුරුවලට දැඩි ලෙස හානි සිදුව ඇති බවයි පොලිසිය කියා සිටියේ.
 
අනතුරුව එම සිරුරු මරණ පරීක්ෂණය කිරීම සඳහා රෝහල වෙත යොමු කිරීමට ද එම නිලධාරීන් කටයුතු කර තිබුණා.
 
පොලිසිය විසින් සිදු කරනු ලැබු මූලික පරීක්ෂණවලදී මොවුන් දෙදෙනා එරට ටෙලි නාට්‍ය රංගන ශීල්පීන් බවයි අනාවරණවී ඇත්තේ.
 
වස පානය කිරීමෙන් මොවුන් දෙදෙනා මිය ගොස් ඇති බවත්, දෙදෙනාම අවිවාහකයින් බවත් පොලිසිය සැක පළ කරනවා.
 
කොරෝනා ව්‍යාප්තියත් සමග ඉන්දියාවේ සිනමා සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රවල වැඩකටයුතු අත්හිටවනු ලැබුණා.
 
ඒ හේතුවෙන්, නළුනිළියන් දැඩි ආර්ථික අපහසුතාවයකට මුහුණදී ඇති බව ද සඳහන්.
 
විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළේ, මොවුන් දෙදෙනාම මෙම තීරණය ගෙන ඇති බවට ද ප්‍රදේශවාසීන් සැක පළ කරන බවයි.
 
කෙසේ වෙතත්, මිය ගිය දෙදෙනා ප්‍රදේශයේ ජනයා සමඟ එතරම් සමීපව ආශ්‍රය කළ පුද්ගලයින් නොවන බවත් සඳහන්.
 
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බවයි මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.

ඉන්දිය මාධ්‍ය ඇසුරෙන්
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top