යාළුවන් හතර දෙනෙකු සමඟ එකතු වී සිය බිරිඳව ,ලිංගික අපයෝජනයට ලක් කරන්න අනුබල දුන්, සැමියෙකු පොලිසියට කොටු වූ හැටි
Monday, 08 June 2020 - 14:06 | Views - 691
සිය බිරිඳ හට බලෙන් මත්පැන් පොවා, සමූහ ලිංගික අපයෝජනයට ලක් කිරීමට අනුබල දුන් සැමියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගෙන් ලද තොරතුරක් අනුව ඊට සම්බන්ධ වූ ඔහුගේ තවත් මිත්‍රයින් සිව් දෙනෙකු ද තම අත්අඩංගුවට ගත් බවයි පොලිසියේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.
 
එම කාන්තාව මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ගන්නා බව ද සඳහන්.
 
ඉන්දියාවේ, කේරළ ප්‍රාන්තයේ පදිංචිව සිටි මෙම අඹුසැමි යුවළ සහ දරුවන් සමග පසුගියදා මුහුදු වෙරළට ගොස් ඉන් අනතුරුව ඒ අසළ තිබු සැමියාගේ මිතුරෙකුගේ නිවෙස වෙත ගොස් තිබෙනවා.
 
එහිදී එම කාන්තාවට බලහත්කාරයෙන් මත්පැන් පානය කිරීමට සලස්වා අනතුරුව සමූහ ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවයි පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ.
 
ඔවුන්ගේ ග්‍රහණයෙන් බේරුණු ඇය සිය දරුවන් ද රැගෙන එම නිවසින් පිටතට පැමිණ ඇය එහි සිටි තවත් තරුණයින්ගේ උදව් ඇතිව යළි නිවෙස වෙත පැමිණ තිබුණා.
 
අනතුරුව ඔවුන් විසින්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව එම කාන්තාව රෝහල් ගත කිරීමට ද කටයුතු කර තිබු බව ද සදහන්.
 
රෝහලේ වෛද්‍යවරයෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඇයට අමානුෂික ලෙස පහරදී තුවාල සිදු කර ඇති බවයි.
 
මේ වනවිට ඇය අසාධ්‍ය තත්ත්වයෙන් පසුව බවත්, සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් ඇයගේ මතකයේ නොමැති බවත් රෝහල් ආරංචි මාර්ග පවසනවා.
 
එම කාන්තාව පූර්ණ සුවය ලැබීමෙන් අනතුරුව පොලිසිය විසින් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතයි.
 
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top