වෙළඳපොළේ ජංගම දුරකථන හිඟයක්
Monday, 08 June 2020 - 13:06 | Views - 977
වෙළඳපොළේ මේ වනවිට ජංගම දුරකථන වල හිඟයක් මතුව තිබෙනවා.
ජංගම දුරකථන ආනයනය කරන ප්‍රධාන පෙළේ සමාගම් පවසන්නේ කොවිඞ් 19 වසංගතය පැතිර යාමත් සමඟ රට තුල මතු වු තත්ත්වය මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි.
මේ නිසා ඇතැම් වෙළඳුන් දැනට වෙළඳපොළේ පවතින ජංගම දුරකථන වැඩි මිලට අළෙවි කිරීමට පෙළඹී ඇති බවටද හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් මෙරටට ජංගම දුරකථන ආනයනය කරන ප්‍රධාන පෙළේ සමාගමක් වන සිංගර් ශ්‍රී ලංකා ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ ජගත් පෙරේරාගෙන් අප විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ ස්මාට් වර්ගයේ ජංගම දුරකථන වලට මෙන්ම පරිගණක වලටද මේ වනවිට ඉහල ඉල්ලුමක් පවතින බවයි.
එසේම ජංගම දුරකථනය අත්‍යවශ්‍ය නොවන භාණ්ඩයක් ලෙස නම් කර ආනයනය සීමා කිරීමට තීරණය කිරීම ද හිඟයට හේතු වී ඇති බව අප කළ සොයා බැලීමේදී අනාවරණය වුණා.
විශේෂයෙන් ජංගම දුරකථනයක් ආනයනය කිරීමේදී මීට පෙර පැවති ක්‍රමය, මෑතකදී ආනයනය සහ අපනයන සඳහා සීමා පැනවීමේදී වෙනස් කෙරුණේ ණය පදනම මත ඒවා ආනයනය කිරීමේදී දින 180ක් තුල මුදල් ගෙවීම අනිවාර්ය කරමින්.
Share This Article