වැලිසර කඳවුරේ PCR පරීක්ෂණ අවසන්
Monday, 08 June 2020 - 12:41 | Views - 600
වැලිසර නාවික හමුදා කඳවුරෙන් ආසාදිතයන් වාර්තාවීම පහළ යමින් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළා. එමෙන්ම වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයින් සියලුදෙනාගේම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර අවසන් බවයි ඔහු කියා සිටියේ.

නාවික හමුදාවේ කොරෝනා ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින්ගේ සංඛ්‍යාව 522 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, පසුගිය පැය 24 තුළ නාවික හමුදා සාමාජිකයින් 34 දෙනෙකු සුවය ලැබීමත් සමඟයි.

අද දිනයේ මෙතෙක් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැති අතර ඒ අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 1835ක් ලෙසයි. තවදුරටත් වෛද්‍ය අධීක්ෂනය යටතේ ආසාදිතයන් 883 දෙනෙකු සිටින අතර සුවය ලැබූ සංඛ්‍යාව 941ක්.

මේ අතර නවසීලන්තයේ කොරෝනා ආසාදිත අවසන් රෝගියා ද සුවය ලබා ඇති බව එරට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඈෂ්ලි බ්ලූම්ෆීල්ඞ් තහවුරු කර තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ නිරෝධායනයට ලක් කර සිටි පිරිස් ද මේ වනවිට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර මුදා හැර ඇති බවයි.

පසුගිය පෙබරවාරි 28 වනදා සිට මේ දක්වා කිසිදු ආසාදිතයෙකු නවසීලන්තයෙන් වාර්තා වී නොමැති අතර, එය නවසීලන්තය ලැබූ විශාල ජයග්‍රහණයක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ. දැඩි සීමාවන් යටතේ නවසීලන්තය සති 7 ක කාලයක් වසා දමා තිබූ අතර, පසුගිය මැයි මස අවසානයේදී නවසීලන්ත රජය එම සීමාවන් ලිහිල් කරනු ලැබුවා.

කෙසේ වෙතත් අලුතින් රෝගීන් වාර්තා නොවන තත්ත්වයත් සමඟ කොරෝනා වෛරසය පාලනයට පනවා ඇති සියලු සීමාවන් හෙට සිට සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට නවසීලන්ත රජය තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඞ්න් මාධ්‍ය හමුවක් පවත්වමින් අද ප්‍රකාශ කළේ ඒ අනුව හෙට සිට පොදු සහ පෞද්ගලික උත්සව හා අවස්ථා සීමා කිරීම්වලින් තොරව සාමාන්‍ය පරිදි පැවැත්විය හැකි බවයි.

එමෙන්ම සියලු පොදු ප්‍රවාහන සේවාවන්ද සාමාන්‍ය පරිදි හෙට සිට ආරම්භ කිරීමට අවස්ථාව සැළසෙන බවද නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය අදාළ මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් කියා සිටියා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top