පෙම්වතා හා මිතුරන් අතින් සමූහ දූෂණයට ලක්වූ මහරගම මධූ,කැම්පස් කොල්ලන්ට කරන දේ වමාරපු හැටි
Monday, 08 June 2020 - 12:02 | Views - 3,015
ඔව්... මධූ තමයි.. ඔයා කොහෙන්ද?” එහා පැත්තෙන් ඇහුණේ බොහෝම ලස්සන හඬක්. හඬ අයිතිකාරි හැබැහින් දැක නැතිවුණත්.. ඒ තැනැත්තිය කොයි විදිහේ කෙනෙක්ද කියන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වුණත්... දැන් ඒකට වෙලාව නෙවෙයි...
 
“මට ටිකක් කතා කරන්න පුළුවන්ද..? මම මේ කිව්වේ...?” මම කතා කරන්න පටන් අරගෙන අදිමදි කළා.

“ආහ්.. ඔයාට මගේ ගාණ දැනගන්න ඕනි වෙලාද? මෙහෙමයි මිස්ටර්... මගේ ගාණ නම් ටිකක් වැඩියි... ෆුල් නයිට් එකට 8000යි, පැයකට නම් 5000යි.. සෙක්ස් නැතුව මසාජ් විතරක් නම් ගණන් හිලව් අඩු වෙනවා. ඔයා කැමති විදිහ කියන්න.. ඊට පස්සෙ අපි හම්බෙමු....!!”
 
“වෙයිට් වෙයිට්!! මට දැනගන්න ඕනි.. කොහෙදිද වැඩේ වෙන්නේ කියලා..?” මම හෙමින් ආයෙමත් අහනවා. ඇය විස්තර පත්‍රිකාව කියවන්න ගන්නවා ආයෙම මුලක ඉඳන්. ඈටම දැන් හිසරදයක් වෙන්නැති අලුත් ගණුදෙනුකාරයාව..!!
 
“මෙහෙමයි මිස්ටර්.. වැඩේ වෙන්නෙ නම් මගේ තැනකදී.. මම අඳුරන තැනක.. මම සාමන්‍යයෙන් දන්නේ නැති පිට තැන්වලට යන්නේ නැහැ. මොකද එහෙම ගිහින් මම මට්ටු වෙලා තියනවා හොඳට.. ඔයා කැමති නම් මම කැමති තැනට එන්න.. නැත්තම් ඉතින් සොරි තමයි...” ඇය කියන්නේ අනුකම්පා විරහිතව. ලොකු ගණුදෙනුවක් වුණත් එහෙව් එකෙකු ඉදිරියේ බාල්දු වෙන්න ඇයට උවමනා නැහැ. ඌ මොන තරම් බලපුළුවන්කාරයෙකු වුණත්...
 
“රායිට්! එතකොට කොහෙද ඔය තැන තියෙන්නේ..?” මගේ ඊළඟ ප්‍රශ්නය.
 
“මහරගම... අනික මේකත් කියන්නම ඕනි.. ෆෝන් යූස් කරන්න බෑ මාත් එක්ක වැඩේ කරද්දි... ෆෝන් ඕෆ් වෙන්න ඕනි.. අනික ක්ලීන් වෙන්න ඕනි.. ඒවාට පහසුකම් තියෙනවා. රූම් එකටත් එක්ක තමයි මම ගණන් හිලව් කිව්වේ.. මිස්ටර් ට වැඩේ ලාභයි නම් ඕකේ.. නැත්තම් ඉතින් කරන්න දෙයක් නෑ..”
 
“නෑ නෑ.. ගාණ ප්‍රශ්නයක් නෑ.. කීයක් උනත් අවුලක් නෑ.. ඇත්තටම මේ..”
 
“ඉක්මනට කියන්න... මට වැඩ තියෙනවා.. ඔයා දැන්ම තෝරගන්නවා නම් කියන්න.. ටයිම් එකත් දැන්ම සිලෙක්ට් කරගන්න පුළුවන්..” ඒ ගැහැනිය ඒක කියන්නේ කිසිම වගක් නැතුව. ඔහේ දුවන් යන වචන හෑලී... මට ඒ තැනැත්තියත් එක්ක වැදගත්ම කතන්දරයකට මුල් පරිචය සකස් කරගන්න ඕනි වුණා. ඒත් මට විශ්වාසයක් නෑ..... ඒ ගැන...
 
“අහන්න.. මට ඔයා ගැන විස්තර ටිකක් කියන්න පුළුවන්ද? මම මේ කිව්වේ.. පොඩි කතාවකට වගේ..”
 
“මොකක්...? මම තියනවා... සොරි...!!” ඇගේ හඬ සැර වුණා. දුරකථනයත් විසන්ධි වුණා.
 
“වෙයිට් වෙයිට්!!” මම නෝට් බුකිය පැත්තකට විසි කළා.
 
“මේ තුන්වැනි පාර..” ආයෙම මට ඒ නොම්බරයට ගන්න හිතුණා. කෝප ගැන්විච්ච ගණිකාවියකගේ මුහුණත් තහඩුවක් මට පේනවා ඇස් කවුළු අස්සෙන්. මම ඒ ගැහැනිය මවාගන්න අසීර උත්සහයක යෙදුණා.
 
“දැන්.. අන්තිමට වතාවට..” යතුරු පුවරු ඇතුළේ මම අන්තිම වතාවට දුව ඇවිද්දා.
 
“අහන්න... කට් කරන්න එපා ප්ලීස්...!! අ... ඇත්තටම මට දැනගන්න ඕනි ඔයා ගැන විස්තර ටිකක්.. ප්ලීස්.. පුළුවන්කමක් තියෙනවා නම් විතරක්..” ඇය සුසුම්ලන හඬ මට ඇහෙනවා. යන්තම් හරි.. දැන් ඈ හිත එකඟ කරගෙන ඇත්නම්..!
 
“එතකොට ඔයා මේ කතා කළේ, මා එක්ක බුදියන්න නෙවෙයිද?” ඒ හඬ යටහත් පහත්.. පුදුමයක්. ඈ වෙනස් වෙලා!
 
“සත්තකින්ම නැහැ.. මට තොරතුරු ටිකක් දැනගන්න උවමනායි...”
 
“තොරතුරු කිව්වේ මොනාද?”
 
“මෙහෙම කියන්නම්කෝ.. ඔයා අපේ විදිහට කිව්වොත් ගණිකාවක්.. සරලවම ඔයාගේ ඇඟ පිරිමින්ට විකුණන කෙල්ලක්.. මට කියන්න.. ඒ රස්සාව ගැන.. ඔයා කවුද? එයා ඇයි ඒක තෝරගත්තේ..?”
 
“මිස්ටර් මට ගෙවීමක් කරනවද මගේ කතාව කියනවට..?” ඇය ආයෙම අහනවා.
 
“බැරිකමක් නෑ..”
 
“නැහැ.. මට සල්ලි අවශ්‍ය නැහැ.. කතාව නම් අහන්නේ මම කියන්නම්.. හැබැයි වැඩි වෙලාවක් බෑ.. මොනාද දැනගන්න ඕනි කියන්නකෝ..”
 
“මට කියන්න ඔයාගේ කතාව සරල සහ මට පහසු තැනකින්... ගළපගන්න විතරයි මට ඕනි...” මම නෝට් බුක් එක අතට ගත්තා. ඇය තප්පර කිහිපයක් ගත්තා. ඊළඟට ඒ කතාව පටන් ගත්තා.
 
“මම මධූ.. ඒ මගේ ඇත්ත නම නෙවෙයි.. මේ ෆීල්ඩ් එකට පාවිච්චි කරන නම.. අනික ඉතින් මම ගණිකාවක් වෙන්නේ පැය කිහිපයකට විතරයි.. මට අම්මා තාත්තා දෙන්නම ඉන්නවා. ඒ දෙන්නා ඩිවෝස්.. තාත්තාව මම දකින්නේ මාස තුන හතරකට සැරයක්.. අම්මා ලෙඩින්.. මම එයා ගාව ඉන්නේ..”
 
“අම්මාගේ ලෙඩ හොඳ කරන්න හිතාගෙනද මේ වගේ රස්සාවක් තෝරගත්තේ?” ඒක මගේ අනුමානයක්.. සමහර විට වරදින්නත් පුළුවන්.
 
“අනේ නැහැ.. මම යාළුවෙලා හිටියේ සනත් කියලා අයියා කෙනෙක් එක්ක.. ඇත්තටම යාළුවෙලා කිව්වට එයාට ඕනි වුණේ මගෙන් ලිංගික සතුටක් ලබන්න විතරයි.. ඒත් මම එයාට හුඟාක් ළංවුණා.. පිස්සුවෙන්ම ආදරේ කළා. ඒත්.. දවසක්.. එයා මාව නිදහසේ කතා කරන්න ඕනි කියලා බෝඩිම් කාමරේකට එක්කන් ගියා... එදා තමයි මගේ ජිවිතේ කණපිට ගැහුණේ.. සනත් අයියා මට බොන්න මොනාද දුන්නා.. එතනින් එහාට මම සිහි මඳ ගතියකින් හිටියේ.. මට දැණුනා එක එකා මාව බිම පෙරළගන්නවා.. මගේ ඇඳුම් ඉරලා දානවා.. මම උන්ට එපා නොකියා අවනත වුණා.. උන් කීයක් හිටියද මට මතක නෑ.. ඒත් එකෙක් මට හොඳට මතකයි.. මූණේ කැළලක් තිබ්බ නපුංසකයා.. ඌ සනත් අයියගේ යාළුවෙක්.. ඌ මාව දෙපාරකට වඩා රේප් කළා.. පස්සෙ තමයි මම දැනගත්තේ.. සනත් අයියා මාව ගෙනත් තියෙන්නේ උන්ගේ යාළුවොන්ට රහ බලන්න දෙන්න කියලා.. එදා ඒ දවසින් පස්සේ මම සිහි විකල් වෙච්ච ගෑනියෙක් වගේ හැසිරෙන්න ගත්තා. ආයේ කවදාවත් සනත් අයියව මට මුණ ගැහුණේ නෑ..” ඇය හඬනවා. මට හිතුණේ එහෙමයි. එකත් එකටම ඇගේ හැඬුම් හඬින් මට එහෙම හරි කියන්න පුළුවන්.... ජීවිතේ අවලස්සනම පරිචයක් කියවන්න තනද්දි අහිංසක සමනළියකගේ තටු පොඩි පට්ටම් කරපු නරුමයෝ ගැන මට ආවේ වෛරයක්...
 
“ඉතින්... ඊට පස්සේ..?”
 
“ලක්මාලි කියලා අක්කා කෙනෙක් තමයි මාව ස්පා වලට මුලින්ම එක්කන් ගියේ. අර සිද්ධියෙන් පස්සේ මාත් එක්ක තව කොල්ලෝ දෙතුන් දෙනෙක්ම යාළු වුණා. ඇත්තටම මට ඕනි වුණේ උන් එක්ක ආදරේ කරන්න නෙවෙයි. උන් එක්ක ලිංගිකව සතුටු වෙන්න. මොකද එදා වුණු දෙයින් පස්සෙ මම ඒ දේවල්වලට ඇබ්බැහි වුණා වගේ මට දැනෙන්න ගත්තා. ඒක නැතිවම බැරි දෙයක් වුණා.. හරියට කන බොන එක වගේ.. සෙක්ස් ඕනිම වුණා.. ඒක පිස්සුවක් වුණා..” ඇය දැන් නිහඬයි. ඒත් ඇය සුසුම් අහුලන හඬ මට යන්තමින් ඇහෙනවා. දුරකථයේ එහා පැත්තෙන්...
 
“පස්සේ..?”
 
“ලක්මාලි අක්කාගේ ස්පා එක බෝඩ් එකට විතරයි. ඇතුළේ වුණේ වෙන දේවල්.. ඒත් වැඩි කාලෙකට නෙවෙයි... මං ගිහින් මාස හතරකට පස්සේ පොලිසිය එතැනට පැන්නා. මම සෙක්ස් කරන්න ඇඳුම් ගලවලා ඉඳලා තියෙන්නේ පොලිසියේ මහත්තයෙක් ඉස්සරහා... එදා මාර ලැජ්ජාවක් ඇතිවුණේ... පස්සේ අපිට දඩ ගෙවලා එළියට එන්න පුළුවන් වුණා... ලක්මාලි අක්කා ජොබ් එක අතැරලා රට පැන්නා මිනිහෙක්ගේ මාර්ගෙන්.. පස්සෙ මම ෆීල්ඩ් එකේ ඉන්න වෙන අක්කා කෙනෙක් මාර්ගෙන් මේ තැනට සෙට් වුණා..” මධූගේ කතන්දරේ අමුත්තක් දැනෙනවා වුණත් ඒක රහ තවරන විදිහ හරිම අපූරුයි කියලා මට හිතෙනවා.
 
“එතකොට ආයේ පොලිසියට අහුවුණේ නැද්ද?”
 
“මේ වෙනකන් නම් නැහැ.. කවුද දන්නේ? සමහරවිට හිටපු ගමන් මොකක් හරි මරාලයක් කඩා පාත් වෙයි.. ඉස්සර ඕක වුණේම එක එකාලගේ ගුබ්බෑයම්වලට රිංගන්න ගිහින්. සමහර වේ** පුතාලා අපිව වීඩියෝ කරනවා.. තවත් උන් මානසික ලෙඩ්ඩු.. උන් එක බිකිනි අරන් ඇවිත් අපිට අන්ඳලා අත්පුඩි ගහනවා.. තව කාලකණ්ණි සර්පයෝත් නැතුවා නෙවෙයි... අපි ළඟට එන භාගෙට භාගයක්ම මානසික ලෙඩ්ඩු...”
 
“එහෙම මතක හිටින කෙනෙක් නැද්ද? මම මේ කිව්වේ අසාමාන්‍ය කෙනෙක්..?” මට ඒක අහන්නම හිතුණා. ඇය ටිකක් කල්පනා කරන්න ගන්නවා වගේ දැණුනා.
 
“ම්ම්ම්.. එහෙම කෙනෙක්..? ලොකු මතකයක් නෑ.. හැබැයි එක පිස්සු හාදයෙක් හිටියා. ඒ යකාට සෙක්ස් කරන්න ඕනි නෑ.. අපිත් එක්ක නටන්නයි තුරුළු වෙලයි ඉන්න ඕනි. මහා වදකාරයෙක්.. හැබැයි ගණන් හිලව් බේරනවා.. ඒවායින් අඩුවක් නෑ..”
 
“සමාජ රෝග ගැන බයක් නැද්ද?”
 
“අනේ ඉතින්.. ඒවාට අදාළ ක්‍රමවේද පාවිච්චි කරනවනේ අපි... එහෙම ලොකු බයකුත් නෑ.. ඕවා හැදෙනවට බයේ රස්සාව නොකර ඉන්නද? කරන්න වෙනවනේ... ලොකුම බය තියෙන්නේ පොලිසියට මාට්ටු වෙයිද කියලා.. මගේ අම්මා හිතන් ඉන්නේ මම ඔෆිස් එකක සක්‍රටි කෙනෙක් කියලා.. පව්! මොනා කරන්නද? හැබැයි මගේ අම්මට මම අඩුවක් කරන්නේ නැහැ. එයා මගේ ඇස් දෙක වගේ...”
 
“ආපහු සනත් අයියා මුණ ගැහුණු තැනට ගියොත්..? මං කිව්වේ අර හාදයෝ ටික ඔයාව දූෂණය කළාට පස්සේ..? ඔයාට හිතුණේ නැද්ද නීතිය ඉස්සරහාට යන්න? එහෙම නැත්තම් ඒ දේට යන්න ඇරලා හොඳ පැත්තක් තෝරගන්න...” මම ප්‍රශ්න පත්තරයේ අමාරුම ප්‍රශ්නයක් ඇය ඉදිරියේ තැබුවා. ඇගේ හඬ එන්න ටිකක් ප්‍රමාද වුණා.
 
“නීතියෙන් කොහෙද පිළිසරණක්.. මොකද මම කොහොම කිව්වත් මම බාලවයස්කාරියකුත් නෙවෙයි ඒ වෙද්දි.. නඩු කිව්වත් කට්ටියම මම කැමැත්තෙන් ගියා කියලා මටම වරද පටවයි.. අනික වැදගත්ම දේ මගේ අම්මා.. එයා ඒ වග දැනගත්තොත්..? කොච්චර ලැජ්ජාවක්ද? එයාගේ දුව සමූහ දූෂණයට ලක් වුණා කියන එක.. ඒවා මතක් නොකර ඉමු.. ඒ තුවාලේ තාම රිදෙනවා.. ඒ වුණාට මම ඒක හිතන් නෑ.. මොකද මම පිරිසිදු ගැහැනියක් නෙවෙයි. අපිරිසිදු එකෙනුත් අන්ත අපිරිසිදු වුණු ගැහැනියක්.. මම හිතුවා මට ගැළපෙන්නේ මේ රස්සාවම තමයි...”
 
“දවසක ආදායම කියන්න කැමතිද?”
 
“ම්ම්... ඒක වෙනස් වෙනවා.. කොහොමත් මම දවසකට හැටදාහ හැත්තදාහ හම්බකරපු අවස්ථාත් තියනවා. කොහොමත් මගේ ටාගට් එක දහ දාහ.. නයිට් එකකදී අපිට ටිප් එකක් විදිහට අමතර ගාණක් ලැබෙනවා... ඒකත් ලොකු සල්ලිකාරයෝ තමයි.. සමහර වෙලාවට අමාරුවෙන් සල්ලි හොයාගත්තු කැම්පස් කොල්ලෝ එහෙමත් එනවා.. අපි ඉතින් උන්ගෙන් වැඩිපුර ඉල්ලන් නෑ, පව්නේ...” ඇය වෙනස් කාන්තාවක්. මට එහෙම හිතුණා. ඒත්.. මොකද්ද වෙනස? ඈත් මේ හැම කාන්තාවකටම නෑ කම් කියන වරිගයේ කෙනෙක්. මේ මහ පොළව ඉඹගෙන ජීවත් වුණත්.. ලෝකෙට වෙස් මුහුණක් පැළඳගෙන හිනාවෙන කෙනෙක්. මට ඒ ගැහැනිය කියවීම අමාරු උනා... ඒත් මේ තමයි කතාවේ අවසාන තැන..
 
“කවදාවත් මේ රස්සාව ගැන දුකක් කණගාටුවක් දැනිලා නැද්ද? එපාවෙලා නැද්ද?”
 
“නැතුව නෙවෙයි.. තියනවා.. ඒත් දැන් හුරුවෙලා.... අතහරින්න බෑ කොහොමත්.. මේක හරියට අපිව ගිලගෙන වගේ.. දැන් මේ හම්බකරන ඒවායින් පන්සල් කෝටියක් හැදුවත් මගේ පව් හේදෙන් නෑනේ... මෙහෙම හොඳයි.. අම්මා බලාගෙන ඉන්නවා.. ඒ තමයි මගේ එකම සතුට...”
 
මට ඇගෙන් අහන්න තවත් ප්‍රශ්න බොහෝමයක් ඉතිරි වුණත්.. දුරකථනය “තව මිනිත්තුවයි” කියලා මට මතක් කළා. ඉතින් ඒ අවසරයෙන්.. මට ඇයට “ආයුබෝවන්” කියන්න සිද්ධ වුණා..
 
“ඒ ඇතිද ඔයාගේ කතාවට..?”
 
“හොඳටම ඇති..” මම ඇයට ස්තුති කළා.
 
“පුළුවන් නම් මටත් එවන්න කතාව ලිව්වම... ආසයි කියවන්න..” අන්තිම මිනිත්තුව ගෙවිලා යද්දි ඇය එහෙම කියනවා මට යන්තමින් ඇහුණා.

By Lakshan
 
(මධූ යනු ව්‍යාජ නමක් බවත්, ඇය භාවිතා කරන නාමය කතාව සඳහා යොදා ගත නොහැකි හෙයින් එසේ වෙනස් කරන්නට සිදු වූ බවත් කරුණාවෙන් සලකන්න. මෙහි එන අයවලුන්ගේ පුද්ගලිකත්වය තකා බොහෝ නාමයන් එසේ වෙනස් කොට ඇත.)
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top