පරෙයියන් ඇල්ලේ දිය නෑමට ගිය පුංචි මල් කැකුළකට අත්වූ ඉරණම
Monday, 08 June 2020 - 11:04 | Views - 398
බඩල්කුඹුර පරෙයියන් දිය ඇල්ලේ දිය නෑමට ගිය පිරිමි දරුවෙකු එහි ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, වැල්ලවාය පාර, මොනරාගල ලිපිනයේ පදිංචි එච්. ඔනේෂ් ගිහන්ස නමැති දරුවෙක්.
පවුල් දෙකක සාමාජිකයින් පිරිසක් සමග යමින් සිටියදී මෙම දරුවා සහ ඔහුගේ අයියා ඇල්ල පැත්තට වන්නට දිව ගොස් තිබුණා.
වේගය පාලනය කරගැනීමට නොහැකිව ඔනේෂ් දිය වළකට ඇදවිටි ඇති අතර ඔහු අල්ලාගැනීමට වැඩිමල් සහෝදරයා ද ඊට පැන ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.
ඔවුන් දෙදෙනා බේරාගැනීමට පියා ද ඇල්ලට පැන ඇති බව සදහන්.
ඔහු විසින් වැඩිමල් දරුවා බේරාගෙන ඇති අතර ඔනේෂ් දියේ ගිලි සිටියදීයි ගොඩගෙන ඇත්තේ.
අනතුරුව වහාම ඔහු බඩල්කුඹර රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ ද ඒ වනවිටත් දරුවා මිය ගොස් සිටි බවයි වාර්තා වන්නේ.
අදාළ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය මොනරාගල මහරෝහලේදී සිදු කරනු ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් බඩල්කුඹුර පොලිසිය විසින් ක්රියාත්මකයි.
Share This Article