"එගත වූ වසර 15ක් තුළ පවුලේ සමගිය, එකමුතුව හා බැඳීම් වඩාත් සවිමත්ව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් ද තබමින්.
ඊට 2005 වසරේ අග්රාමත්ය මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ සහ තම සහෝදරයන් වන රෝහිත සහ යෝෂිත රාජපක්ෂ යන අය සමග තමන් සිටින ඡායාරූපයක් ද එක් කර සිටියා.
එම ඡායාරූපය ගත් ස්ථානයේම වසර 15කට පසුව සිය දෙමාපියන් සහ සහෝදරයන් සමගින් ගත් ඡායාරූපයක් ද අදාළ සටහන සමග එක් කර තිබුණා.
එමෙන්ම අදාළ සටහන සමගින් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂගේ ලේලියන් තිදෙනා සහ මුණුබුරා ද සිටින තවත් පින්තූරයක් ද එකතු කිරීමටයි නාමල් රාජපක්ෂ කටයුතු කර තිබුණේ.
ඒ සමග තබා තිබු සටහන මෙසේය...
'' එකම තැනක නමුත්
වසර 15 ක කාලයක් ගෙවී ඇත.
අපේ සබදකම් තවත් පුළුල් වී ඇත.
පවුලේ සමගිය,එකමුතුව හා බැදීම් එදාටත් වඩා සවිමත් වී ඇත.
#15වසරකමතකය ''
'' 15 years later recreating our family portrait! The family has now expanded, the bonds and ties stronger than ever. Standing on a foundation of laughter, happiness and unity.
#memoriesof15years ''

