ඊයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් රෝගීන්ගේ තොරතුරු හෙළිවෙයි
Monday, 08 June 2020 - 8:22 | Views - 2,013
තවත් කොරෝනා ආසාදිතයන් විසි එක්දෙනෙකු ඊයේ (08) සොයාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,835 දක්වා ඉහළ ගියා.

මොවුන්ගෙන් 16 දෙනෙකු කුවේට් හි සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි අයයි.

ඉන් 12 දෙනෙකු මින්නේරිය නිරෝධායනය මධ්‍යස්ථානයේ රඳවා සිටි අය වන අතර, තවත් හතරදෙනෙකු ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටිනවා.

එමෙන්ම කටාර් හි සිට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි දෙදෙනෙකු සහ ලන්ඩනයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි දෙදෙනෙකුද මේ අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම බංග්ලාදේශයේ සිට පැමිණ රන්ටැඹේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි පුද්ගලයෙකුටද කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව කොරෝනා ආසාදිතයන් 883 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණයේ යටතේ පසුවන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 941ක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top