ඊයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් රෝගීන්ගේ තොරතුරු හෙළිවෙයි
Monday, 08 June 2020 - 8:22 | Views - 2,014
තවත් කොරෝනා ආසාදිතයන් විසි එක්දෙනෙකු ඊයේ (08) සොයාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,835 දක්වා ඉහළ ගියා.
මොවුන්ගෙන් 16 දෙනෙකු කුවේට් හි සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි අයයි.
ඉන් 12 දෙනෙකු මින්නේරිය නිරෝධායනය මධ්‍යස්ථානයේ රඳවා සිටි අය වන අතර, තවත් හතරදෙනෙකු ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටිනවා.
එමෙන්ම කටාර් හි සිට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි දෙදෙනෙකු සහ ලන්ඩනයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි දෙදෙනෙකුද මේ අතර වන බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම බංග්ලාදේශයේ සිට පැමිණ රන්ටැඹේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි පුද්ගලයෙකුටද කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඒ අනුව කොරෝනා ආසාදිතයන් 883 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණයේ යටතේ පසුවන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 941ක්.
Share This Article