පොසොන් දා වෙඩි හුවමාරුවෙන් මිය ගොස් ඇත්තේ, ආමි චමින්ද බවට හෙළිවේ
Monday, 08 June 2020 - 8:18 | Views - 832
පොසොන් පොහොය දා මොණරාගල - තෙනගල්ලන්ද - මාරාව ප්‍රදේශයේදී පොලීසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා ඝාතන සහ අපරාධ රැසකට සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු වන ආමි චමින්ද බවට හඳුනාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අතරතුරයි පසුගිය 5 වන දා මාරාව ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ.

එහිදී සැකකරු මොණරාගල සිරිගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා.

පසුව අනාවරණ වූයේ 30 හැවිරිදි ඉත්තෑකටුව - තෙනගල්ලන්ද ප්‍රදේශයේ පදිංචි චමින්ද බණ්ඩාර හෙවත් ආමි චමින්ද නැමති පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබූ බවටයි.

වෙඩි තැබීම සිදුවීමට දින කිහිපයකට ඉහත දී මොණරාගල - ඉත්තෑකටුව ප්‍රදේශයේ සිදුවූ ඝාතනයක් ඇතුළු තවත් අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් ආමි චමින්දට චෝදනා එල්ල වී තිබෙනවා.

වෙඩි වදින අවස්ථාවේදී ඔහු සතුව තිබී පතොරම් තුවක්කුවක් සහ ජිව අත්බෝම්බයක් ද සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර, දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පිරිවෙන මංසන්ධිය අසළ මාර්ගයේ තිබී ජීව උණ්ඩ 9ක් පොලීසිය ඊයේ සොයාගෙන තිබෙනවා. සොයාගන්නා අවස්ථාවේදී මේවා මාර්ගය පුරා විසිරී තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top