කොළඹ දිස්ත්‍රික්කය තුල තාවකාලිකව පදිංචිව සිටින්නන්ගේ තොරතුරු රැස් කිරීමේ වැඩසටහනේ තවත් අදියරක්
Monday, 08 June 2020 - 8:12 | Views - 544

කොළඹ දිස්ත්‍රික්කය තුල තාවකාලිකව පදිංචිව සිටින පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලබාගෙන පරිගණකගත කිරීමේ වැඩසටහන යටතේ තවත් අදියරක් පසුගිය 06 වනදා සහ 07 වනදා යන දෙදින තුළ සිදුකෙරුනා.
ඒ අනුව කොළඹ මධ්‍යම, උතුර, දකුණ, නුගේගොඩ හා ගල්කිස්ස පොලිස් කොට්ඨාසයන්හි පොලිස් වසම් 17ක ග්‍රාම නිලධාරි වසම් 60ක තාවකාලිකව පදිංචිව සිටින පුද්ගලයින්ගේ තොරතුරු ලබා ගැනීමයි මෙලෙස සිදුකර ඇත්තේ.
එහිදී තාවකාලිකව පදිංචිව සිටින පුද්ගලයින් 37867 කගේ තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.
සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ මෙහෙයවීමෙන් කොළඹ දිස්ත්‍රික්කය තුල තාවකාලිකව පදිංචිව සිටින පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලබාගෙන පරිගණකගත කිරීමේ මෙම වැඩසටහන, සුරකිමු ලංකා ප්‍රජා පොලිස් ක්‍රමවේදය යටතේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ආරම්භ කළා
එහි පළමු අදියර ලෙස කොළඹ දකුණ, කොළඹ මධ්‍යම හා කොළඹ උතුර කොට්ඨාශයන්හි ද, දෙවන අදියර ලෙස කොළඹ දකුණ, මධ්‍යම සහ නුගේගොඩ පොලිස් කොට්ඨාසයන් හි තෝරාගත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක සිදුකෙරුනා.
මෙලෙස රැස් කළ තොරතුරු පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාශය විසින් සකස් කර පවත්වාගෙන යන විශේෂ දත්ත පද්ධතියක් වෙත ඇතුළත් කිරීමට කටයුතු යොදා ඇති බවයි පොලිසිය පවසනේ.
Share This Article