හිරු ශ්‍රද්ධාභි වන්දනාව අදත් - කතරගම අෂ්ඨඵල බෝධීන් වහන්සේට ආරක්ෂිත ආවරණයක් (වීඩියෝ)
Saturday, 06 June 2020 - 15:51 | Views - 462
පොසොන් පොහොය නිමිත්තෙන් හිරු මාධ්‍ය ජාලය විසින් සංවිධානය කළ හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහනේ තවත් අදියරක් අද (06) පෙරවරුවේ කතරගම පූජා භූමිය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වුණා.

එහිදී කතරගම පූජා භූමියට පැමිණි හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා පළමුව කිරි වෙහෙර සෑ රඳුන් වැඳ පුදාගත්තා.

අනතුරුව සභාපතිවරයා කිරිවෙහෙර විහාරාධිපති මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අතර, එහිදී බුද්ධ පූජාමය පිංකමක්ද සිදුකෙරුණේ හිරු මාධ්‍ය ජාලයේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.

පසුව කතරගම දේවාල භූමියට පැමිණි රේනෝ සිල්වා මහතා එහි පිහිටි අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙත විශේෂිත ආරක්ෂිත අවාරණයක්ද පූජා කරනු ලැබුවා.

ඊයේට (05) යෙදුන පොසොන් පුන් පොහෝ දා පෙරවරුවේ හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන ආරම්භ කෙරුණේ, ඓතිහාසික බුත්තල - යුධගනාව රජමහා විහාරස්ථානයේ සිට යි.

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ උදාරතර සංකල්පයක් මත 8 වන වරටත් ක්‍රියාත්මක වූ මෙම  වැඩසටහන යටතේ ඊයේ දිනයේදී කුලදරුවන් 13 දෙනෙකු උතුම් සම්බුද්ධශාසනය උදෙසා පූජා කිරීම සිදුකෙරුණා.

මේ අතර දවස පුරා හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන ක්‍රියාත්මක කෙරුණු බුත්තල ඓතිහාසික යුධගනාව රජමහා විහාරස්ථානය වෙත හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා විසින් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ පූජා කෙරුණේ ඊයේ පස්වරුවේදීයි.

ඊයේ දිනයේ වැඩසටහන් නිමාව සනිටුහන් කෙරුණේ ඓතිහාසික යුධගනාව චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියස පැවති අධිෂ්ඨාන පූජාවෙන් අනතුරුවයි.

චෛත්‍ය රාජයාණන් වහන්සේ සුවඳ දුමින් නහවා ශබ්ද පූජා පවත්වා රට ජාතියට සෙත් පතමින් එම අධිෂ්ඨාන පූජාව සිදුවුණා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top